hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:13



ජනාධිපති සමාව ලබාදීමේදී නිලධාරීන් අතින් වූ තාක්ෂණික දෝෂයක් නිසා නැවත සිරගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සර්වජන බලය සභාපති හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ජනාධිපතිවරයා මෙයට පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස තමාගෙන් කරන ලද කිසිදු ඉල්ලීමක් තමන් ප්‍රතික්ෂේප කර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

තමා එතුමාගෙන් කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් ජනාධිපති ධුරයට පත්වූ පසු කතා නොකළ බවත් ප්‍රකාශ කළ රොෂාන් රණසිංහ, ප්‍රකාශ කළේ ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙස තමනා ඉල්ලා සිටින බවයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: