2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:59
රාත්‍රිය වන තෙක්ම පණිවිඩයක් නොලද නිසා මේනක හසිනිට ඇමතුමක් ගත්තේය.
“අයියේ,අක්කා සීයා එක්ක හොස්පිටල් ගියා..තවම ආවේ නෑ,අම්මයි අක්කයි දෙන්නම ගියා,මං ආවම කෝල් එකක් දෙන්න කියන්නම්.”
“හා නංගී ආවම කියන්න අක්කට කෝල් එකක් දෙන්න කියලා,ගුඩ් නයිට්!!”
හසිනිගේ ඇමතුම අවසන් වනතෙක් කාමරයේ පසෙකට වී දිව උල් කරගෙන කතාවට බහින්න සූදානම් වී සිටියේ දුමින්දයි.
“හා දැන් කියපන්කෝ උදේ ඉදන් විස්තරේ..මට එන්න කියලා උඹ උදේ කලින් ගියානෙ,අද අනිවාර්යෙන් සුභ දෙයක් වෙලා තියනවා,උඹේ මූනෙන් පේනවා ඒක.” දුමින්ද උද්යෝගයෙන් මේනකගෙන් ඇසුවේය.
“හාහා…මං හංසිව මීට් වෙන්න ගියෙ උදේ..අද පලවෙනිදානෙ,කෙල්ල අද ආදරෙයි කියලා කිව්වා බං”
“ආ ඒක තමා මට හිතුනා..දැන් එහෙනම් ඒ වැඩෙත් හරිනෙ..ඕකටනේ බලන් හිටියේ මෙච්චරකල්,අන්තිමට වැඩේ ගොඩ.සුභ පැතුම් එහෙනම්“
මැදියම් රෑ වනතෙක්ම ඔවුන් නින්දට නොයා කියව කියව සිටියේ හංසි ගෙදර ඇවිත් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ලබාදෙන තුරුය.
නමුත් එය එසේ නොවීය.
හංසිගේ දුරකතනයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත.
හසිනිද ආන්ස්වර් කරන්නෙ නැත.
දැඩි නොඉවසිල්ලක් හිතේ තිබුණත් පසුදා උදෑසන වනතෙක් බලා සිටිනවා හැර මේනකට වෙන කලහැකි කිසිවක් නොමැත.
“අපි නිදාගමු නේද බං.. මං හිතන්නෙ කෙල්ලටත් ගෙදර ඇවිත් මහන්සියට නින්ද ගිහින් ඇති,උදේට කතා කරයිනේ බං,අපිත් වැඩට යන්න එපැයි,දැන් පාන්දර එකටත් කිට්ටුයි” දුමින්ට නින්දට වැටෙන ගමන් පැවසීය.
“හ්ම්ම්..”
මේනකත් එලෙසින්ම නින්දට වැටුණි.
ආදරය ලැබුනු මුල්ම දවසේ තම ආදරවන්තියට මෙවන් කරදර වලට මුහුණ දෙන්නට සිදුවීම නම් මේනකට රැය පුරා ගෙන දුන්නෙ මහත් කනස්සල්ලකි.
නමුත් එය අපහසුවෙන් හෝ ඉවසා ගෙවා දැමීමට ඔහුට සිදුවිය.
පසුදා උදෑසන අවදි වූ සැනින් මේනක අතට ගත්තේ තම ජංගම දුරකතනයයි.
“අයියේ මට ගෙදර ආව ගමන් නින්ද ගියා. අපි උදේට හම්බෙමු. සොරි”
හංසිගෙන් එලෙස මැසේජ් එකක් ලැබී තිබුණි.
මහත් වූ සැනසීමක් ලද ඔහු කඩිනමින් ලෑස්ති වන්නට වූයේ ඉක්මනටම උදැසනට ඔවුන් හමුවෙන සුපුරුදු තැනට යාමටයි.
ඒ විශ්වවිද්‍යාලය ඉදිරිපසින්ම වූ නුවර පාරේ කොළඹ දෙසට බස් නවත්වන බස් නැවතුමයි.
එදිනද රැකියාවන් වලට යන බොහෝ දෙනෙක්ගෙන් මෙන්ම සරසවි සිසුන්ගෙන්ද මේ බස් නැවතුම උදෑසනට කාර්යබහුල එකක්විය.
සුවහසක් පෙම්වතුන් උදෑසනට හමුවී හැන්දෑවට වැළඳගෙන පිටව යාමට පුරුදුව සිටි මේ බස් නැවතුම ඇත්තෙන්ම ආදරය පිරුණු සුන්දර ස්ථානයක් විය.
විශ්වවිද්‍යාලයක් ඉදිරියේ පෙම්වතුන්ට හමුවන්නට හෝ සමුගන්නට ස්ථානයක් නොවේ නම් ඒක පුදුමයකි.
වෙනදාට උදෑසනට හංසි එනතෙක් බස් නැවතුමේ මේනක සිටියාට එදින හංසි වේලාසනම ඇවිත් තිබුණි.
බස් නැවතම අසල කඩපේලියේ කෙළවරට වන්නට සුපුරුදු තැන අද ඇය කහපැහැති ගවුමකින් සැරසී මේනක එනතෙක් බලා සිටයේ සිනා මුසු ප්‍රියමනාප මුහුණකිනි.
ඇය කවදාත් කාටත් ප්‍රියමනාප ලස්සන තරුණියක් වූ නිසා කෙලවරකට වී තනිව සිටිනා ඈ දෙස බොහෝ දෙනාගේ ආකර්ෂණය තිබීම සාමාන්‍ය දෙයකි.
“ගුඩ් මෝනිං..අනේ සොරි අය්යේ මට ඊයේ ආපු ගමන් නින්නද ගියා,ඔයා බලන් ඉන්න ඇති නේද මං කෝල් කරනකන්,නංගිත් කිව්වා ඔයා කතා කරා කියලා” හංසි මේනකගේ අත් දෙක අල්ලාගෙන ඇස් හීනි කරමින් ඔහුට පැවසුවාය.
“ඉට්ස් ඔකේ..මට හිතුනා මහනසියට නින්ද යන්න ඇති කියලා..දැන් සීයට කොහොමද,මොකද එකපාරම අසනීප වුනේ.”
ඇගේ හිස අතගාමින් මේනක ඇසීය.
ඇස් තවම ආදරෙන්….
මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි තිස් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් එක් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්‍බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්‍බර් 19, ප.ව. 3:20
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24