hit counter

2025 ජූලි මස 30 වන බදාදා

2024 මාර්තු 27, ප.ව. 6:11


පාසල් සිසුන් 4ක් මරුට

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවය. 

දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර ඇත.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: