2024 ඔක්තෝබර් 28, පෙ.ව. 12:04
ජනාධිපතිවරණයට තරග කරන ලද දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් ප්රචාරක ආදායම් වියදම් වාර්තා පිළිබඳව සොයා බලා එම පක්ෂවලින් බදු අය කිරීමට කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
අදාළ අපේක්ෂකයන්ගේ සහ දේශපාලන පක්ෂවල ප්රචාරක වියදම් වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශය විසින් ලබාගෙන බදු ලිපිගොනු පරීක්ෂා කිරීමට අදාළ අංශ වෙත යොමු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් කියා සිටියාය.
අදාළ අපේක්ෂකයන් සිය බදු ලිපිගොනු තුළින් 2023 වසරේ මාර්තු 31 වැනිදා දක්වා සිය වත්කම් ඉදිරිපත් කර ඇතිද යන්න පිළිබඳව තොරතුරු අංශය විසින් පරීක්ෂා කරන බවද ඇය පැවසුවාය.
මේ වනවිට අදාළ බදු ලිපිගොනු පරීක්ෂා කෙරෙන බවද ඇය සඳහන් කළාය.
අදාළ අපේක්ෂකයන් බදු ගෙවා නැතිනම් අදාළ හිඟ බදු අය කිරීමට කටයුතු කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.
එමෙන්ම දේශපාලන පක්ෂ විසින්ද සිය ආදායම්වලට බදු ගෙවා නැතිනම්, ඒ සම්බන්ධව සොයා බලා බදු ලිපිගොනු ආරම්භ කර බදු අය කිරීමට පියවර ගන්නා බවද ඇය කියා සිටියාය.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24