hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2025 ජනවාරි 23, පෙ.ව. 11:53



පසුගිය වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විහාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසූවේ, අද (ජන. 23) පාර්ලිමේන්තුවේදී ය.

2024 වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විහාගය සමග පැන නැගුණ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අධිකරණය මගින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් විහාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූ බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“පහ වසර විභාගය සමග පැන නැඟුණ අර්බුදය සමග ඇති වු උසාවි නියෝගය නිසයි අපිට ප්‍රශ්නපත්‍ර ඇගයීම අත්හිටුවන්න සිදුවුණේ. අපි ඉතා ඉක්මනින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: