2026 මැයි 05, ප.ව. 2:17
අද දින (5) රැස් වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් රටේ සිදු වූ මූල්‍යමය වංචාව සම්බන්ධයෙන් විවාදයක් සදහා වේලාව ඉල්ලා සිටීම උණුසුම් තත්ත්වයක් හට ගැනීමට හේතු විය.
එහිදී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක වන බිමල් රත්නායක මහතා විසින් ආණ්ඩුව විසින් විපක්ෂයේ ඉල්ලීම් සලකා බලා විවාදයට වෙලාව ලබා දුන් බවත් එය නොතකා පාර්ලිමේන්තු ප්‍රධාන වැඩ කොටස සිදුවන කාලයේදී විවාදය ඉල්ලා සිටියහොත් ආණ්ඩුව නැවතත් ලබා දුන් කාලය ඉල්ලා අස්කර ගන්නා බව පැවසුවේය.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදය අතිශය උණුසුම් මුහුණුවරක් ගත් අතර පාර්ලිමේන්තුවේ සභානායකට සහ කතානායකවරයාට කතා කිරීමට හෝ නොහැකි වන ලෙස අනෙකුත් පාර්ලිමේන්තු සාමාජිකයන් ශබ්ද නැගීමක් සිදු කළේය.
එහිදී අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා පවසා සිටියේ,
“අපි මේ විවාදෙට හොදටම ලෑස්තියි. අපි මේ විවාදෙට බය නැහැ.හවස 3.30 ඉදන් 5 වෙනකම් තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ.ඒ නිසා ඔබතුමාලට කියනවා ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව ඔබතුමාලා 5 දක්වා පාර්ලිමේන්තුව පවත්වන්න.බාධා කරන්නේ නැතුව වාඩිවෙන්න.දැන් මෙහෙමයි අපිට වෙලාව ඔයාලා දැනටමත් විනාඩි 30ක් අරන් තියෙන්නේ.ඉස්සරලා වාඩිවෙලා පටන් ගන්න” ලෙසයි.
නමුත් ඉන් අනතුරුව නැගී සිටි ලාල් කාන්ත අමාත්‍යවරයාටද ඔහුගේ වාර්තාව ප්‍රකාශ කිරීමට ඉඩ නොදී දිගින් දිගටම ගයන්ත කරුණාතිලක මන්ත්‍රී හා දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ඔවුන්ගේ විරෝධය දිගින් දිගටම එල්ල කළේය.
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
2026 මැයි 05, ප.ව. 2:29
2026 මැයි 05, ප.ව. 2:26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26