2025 මැයි 06, පෙ.ව. 12:22
 
            
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව සභාපතිවරයා කියා සිටියේය.
මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කරන අතර කොට්ඨාශයක් ඇතුළත ඇත්තේ එක ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම සිදු කරනු ඇත.
එමෙන්ම එක් කොට්ඨාසයක් ඇතුළත ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තිබේ නම් සමහර ස්ථානවල ඡන්ද පොළේදීම ඡන්ද ගණන් කිරීම සිදු කරන බව ඔහු සඳහන් කළේය.
මෙම කටයුතු සඳහා කොට්ඨාස තේරීම් භාර නිලධාරී ලෙස විශේෂ නිලධාරියකු පත්කර ඇති බවට පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ ප්‍රධාන ඡන්ද ස්ථානාධිපතිවරයාට බවද කියා සිටියේය.
දිස්ත්‍රික්කවල එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් එහිදී ප්‍රතිඵල සියල්ල එකතුකර පළාත් පාලනයේ මුළු ප්‍රතිඵලය සකස් කරන බවත් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
30-10-25
 
                                            30-10-25
27-10-25
 
                                            27-10-25
20-10-25
 
                                            20-10-25
17-10-25
 
                                            17-10-25
16-10-25
 
                                            16-10-25
16-10-25
 
                                            16-10-25
15-10-25
 
                                            15-10-25
14-10-25
 
                                            14-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25
08-10-25
 
                                            08-10-25