2026 මාර්තු 02, පෙ.ව. 12:17
රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
“පුත්තු ත්‍රස්තවාදීන් වුණා කියලා තාත්තලා අත්අඩංගුවට ගන්න ක්‍රමයක් මේ රටෙත් නෑ. ලෝකේ කොහේවත් නෑ. මේ රටේ ත්‍රස්වාදී ප්‍රශ්න කීයක් තිබුණාද? ප්‍රභාකරන් ඝාතනය වුණාට පස්සේ ප්‍රභාකරන්ගේ දෙමාපියන්ට එළියට ඇවිත් වැල්වැටිතුරේ ජීවත් වෙන්න අපි අවසර දුන්නා.
ප්‍රභාකරන් එක්ක බැලුවම ඊබ්‍රාහිම්ගේ පුත්තු මොනවාද? ඊබ්‍රාහිම් පුරවැසියෙක් විදිහට වරදක් කරලා නම් ඒවාට මුහුණ දෙන්න ඕන.
රණවිරුවෙක් කියලා වැරදි කළා නම් හරි ත්‍රස්තවාදයට උදව් කළා නම් නීති විරෝධී වැඩක් කළා නම් හරි පසුබිම හන්දා හරි රටට සේවයක් කළා කියලා හරි නීතිය වෙනස් වන ක්‍රමයක් නෑ. රාජපක්ෂලා තමයි මේ රටේ රණවිරුවන්ගෙන් පළිගන්න සංස්කෘතියක් ඇති කළේ.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:07
22-09-26
22-09-26
21-09-26
21-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
11-09-26
11-09-26
26-08-26
26-08-26
24-08-26
24-08-26