hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:06



ශ්‍රී ලංකා යුද හමුදාව දෙවන ඊළාම් යුද්ධයේ සිට කළ සියලුම දැවැන්ත මෙහෙයුම් තමා නියෝජනය කළ බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

තමා බොහෝ ජනප්‍රිය හමුදා ප්‍රධානීන් යටතේ කටයුතු කළ බවත් ඒ කිසිවෙකු පුළුල් දැක්මකින් යුද්ධය අවසන් කිරීමේ උවමනාවෙන් ඒ දෙස නොබැලූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනරාල් රණතුංග, ජනරාල් කොබ්බෑකඩුව, ජනරාල් ජානක පෙරේරා ආදි සියලු දෙනා හමුදාවට යුද්ධය අවසන් කළ නොහැකි බවත් ඊට දේශපාලන විසඳුමක් උවමනා බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් තමන් යුද්ධයට පිවිසියේ සාම කතා වැඩක් නොමැති බවත් ත්‍රස්තවාදය සමූල ඝාතනය කොට දැමිය යුතු බවත් අවබෝධ කරගෙන බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

මහනුවර පැවති සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: