hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:15



කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ මහා සංඝ රත්නය දියත් කර ඇති සත්‍යග්‍රහය නවතා ඉවත් වන ලෙස අධිකරණය නියෝග කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා අධිකරණයෙන් එවැනි නියෝගයක් පොලිසියට ලැබිණි නම් මෙම විරෝධතාව තව දුරටත් එහි පැවතීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.

ජනතාවට එකතු වී විරෝධතා පාගමන් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කළ මූලික අයිතියක් බවත් අධිකරණයෙන් එම අයිතිය කප්පාදු කරන කිසිදු නියෝගයක් දිය නොහැකි බවත් නීතිඥවරයා අවධාරණය කරයි.

මේ වන විට පොලිස්පති සහ පොලිසිය වැඩ කරන්නේ ජනතාවගේ පොලිසිය ලෙස නොව පැලවත්තේ පොලිසිය ලෙස බවත් සත්‍යග්‍රහයේ යෙදෙන පිරිස් ඉවත් කිරීමට පොලිසියට නියෝගයක් ඇත්නම් එය කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: