2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:09
විපක්ෂයේ ප්‍රකාශ වත්මන් ආණ්ඩුව සත පහකටවත් ගණන් නොගන්නා බවත් තමන් ආණ්ඩු බලය ලබාගත්තේ විපක්ෂයට ඕනෑ හැටියට රට පාලනය කිරීමට නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
“විපක්ෂය කියන දේවල් නම් අපි සත පහකට ගණන් ගන්නෙ නෑ. මොකද අපි පාර්ලිමේන්තුව ඇතුළෙදීත් එළියෙදීත් දිගට දිගට කිව්වා මේ විපක්ෂය අලුත් වෙන්න ඕනෙකම තියෙනවා. මේ තියෙන්නෙ තාමත් පරණ විපක්ෂය. හැබැයි 2022න් පස්සෙ අපේ රටේ දේශපාලනය වෙනස් වෙලා තියෙන්නෙ, දේශපාලන අලුත් වෙලා තියෙන්නෙ. ජනතාව අද තව දුරටත් ඔවැනි කතාවලින් ගොනාට අන්දන්න බෑ. ඔය කියන මහත්වරුන්ට අපි යෝජනා කරනවා ගිහින් බලන්න අපිට රට පුරා කොතරම් අලුත් ව්‍යාපෘති ආරම්භ කරලා තිබෙනවාද කියලා.
ඔවුන්ට කරගන්න බැරිවෙච්ච. අපි එක පැත්තකින් සූර්ය බලය ගබඩා කරන බැටරි පද්ධති දිවයින පුරා සවිකරන ව්‍යාපෘති, අධිවේගී මාර්ග … පසුගිය කාලෙ නතර කරලා තිබුණ ඒවා. අනිත් ආණ්ඩු බලයට එනකොට ව්‍යාපෘති කරමින් තිබුණා, නතර වෙලා තිබුණෙ නෑ. ඒවා තමයි සමහරු ඉස්සරහට ගත්තෙ. 2015 ඔය මරික්කාර්ලා ඇතුළු කණ්ඩායම බලය ගන්නකොට ඒ දක්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කරගෙන ආපු ව්‍යාපෘති තමයි ඉදිරියට ගෙනිච්චෙ.
අපි ආණ්ඩුව ගන්නකොට ව්‍යාපෘති නතර වෙලා තිබුණෙ. අපි ඒ ව්‍යාපෘති යළි ආරම්භ කරලා වගේම අලුත් ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕනෙ විවේචනයක් කරන්න පුළුවන්, විපක්ෂය නම් අපි සත පහකට ගණන් ගන්නෙ නෑ. විපක්ෂය කියන විදියට ආණ්ඩු කරන්න නෙවෙයි අපි බලය ගත්තෙ.
නමුත් ජනතාව ආණ්ඩුව ගැන, ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ගැන සාධනීය විවේචන ගේනවා නම් ඒවා ඉස්මුදුනින් පිළිගන්න, සැලකිල්ලට ගන්න ආණ්ඩුවක් ලෙස අපි නිහතමානීයි. හැබැයි විපක්ෂය කියන ඒවා නම් අපි තඹ සතේකට ගණන් ගන්නෙ නැහැ. එහෙම ගණන් ගත යුතු විපක්ෂයක් නෙවෙයි.
හැමදාම කොරහෙ කිඹුල්ලු දකින බොරු දේවල් මවාපාන එදාවේල ටුවර්ස් දේශපාලනයක් තමයි අද විපක්ෂය කරමින් තිබෙන්නෙ. එහෙම නැතිව වෙන නම් මොකක්වත් අද විපක්ෂයට ආණ්ඩුවට එරෙහිව එල්ල කරන්න ඉතුරුවෙලා නෑ, අපි ඉතුරු කරන්නෙත් නෑ.”
නි. ඇමති මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට සභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:09
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26