hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:12



කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සේවාවන් පිළිබඳව මහජනතාව සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු, යෝජනා මෙන්ම පැහැදිලි කර ගැනීම් සෘජුවම අමාත්‍යවරයා වෙත යොමු කිරීම සඳහා ‘හඳුන්ගෙන් අහන්න’ (#AskHandun) නමින් විශේෂ මහජන සන්නිවේදන වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, අදාළ අමාත්‍යාංශ විෂය පථයට අයත් ඕනෑම ගැටලුවක් හෝ යෝජනාවක් 077 554 1646 යන දුරකථන අංකයට ‘වට්ස්ඇප්’ (WhatsApp) හඬ පණිවිඩයක් (Voice message) මඟින් සෘජුවම අමාත්‍යවරයා වෙත යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

මෙසේ යොමු කරනු ලබන ගැටලුවල පවතින ජාතික වැදගත්කම සහ ප්‍රමුඛතාව සලකා බලා, ඊට අදාළව අමාත්‍යවරයා විසින් ලබා දෙන නිල පිළිතුරු සිය නිල ෆේස්බුක් (Facebook) පිටුව ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ පවතින නිලධාරීවාදී බාධා අවම කරමින්, කර්මාන්තකරුවන් හා සාමාන්‍ය ජනතාව ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සෘජුව සම්බන්ධ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: