2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:20
මෙරට ගායන ක්ෂේත්‍රයට මෑතකදී බිහිවූ අතිශය ජනප්‍රිය ගායකයෙක් වන සඳුන් පෙරේරා තරුණයින්ගේ සිහින කුමාරයා කිව්වොත් හරි.
ඔහුට ආදරේ කරන රසිකයින් බොහෝයි.
කතෘ භාග ගැන ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා ලියයි.
“මියුසික් ඉවරයි. ගනුදෙනුවක් විතරක් ඉතිරියි!”
කවුද හරි කවුද වැරදි කියලා හිත හිත ඉද්දි,
මිනිස්සු හදවතින් සිංදු අහන එක නැතිවෙලා තියෙයි.
පනත ද තනි මතය ද නීතිය ද අයිතිය කාගෙද
ලියද්දි සල්ලි ගෙවුවද මෙලඩියට ගෙවුවද
තව ගෙවන්න ඕනෙද
සංවිධායකද ගෙවන්න ඕනා
ගායකයා ගෙවුවොත් නරකද
ලොකු ගණන් අයකරන ගායකයො සද්ද නැතිද
සිංදුව හදද්දි Agreement ගැහුවද
මේ කිසිවක් සිංදු අහන, ඒ සිංදු සද්දෙට කියන රසිකයාට
අදාළ නැත. අපේ සිංදු ඔවුන්ගෙ ජීවිතේ කොටස් ය.
පරණ මතක අවුස්සන, පාළුව නසන ඔසු ය.
ගෙවන්නම නීතියක් නිසි වැඩ පිළිවෙළක් එක්ක ආවොත් සංවිධායකයා වෙනුවෙන් මා ගන්න මුදලින් කළ හැකි යමක් කරන්න සූදානම්. මහ ලොකු ඉන්ඩස්ට්‍රියක් නොවුනත් තියෙන එක රැකගන්න එක වැදගත්. එක හේතුවක් මේ වේදිකාවල මුලින් සෙල්ලම් දැම්මේ ජෝති, මිල්ටන්,ක්ලැරන්ස් වගේ වැඩකාරයො. මේවා ඒ වගේ රත්තරන් මිනිස්සු හදපු වේදිකා. අනිත් හේතුව මේකෙන් ගායකයාට වඩා යැපෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා! ඒ මිනිස්සුන්ගෙ ජීවනාලිය රැකෙන්න ඕනා.
මම ගයපු, හදපු ගීත ඕනෑ කෙනෙක් ගයන්න, කතෘභාග එපා කියා රැල්ලට ෆේස්බුක් එකේ ලියන්න තරම් මෝඩයෙක් නෙමෙයි මම. Music Business / Copyrights / Music Publishing and Distribution / Royalty Collection ආදිය ගැන අවශ්‍ය ප්‍රමාණයට දැනුවත්.
කාලෙක ඉඳන් කොළඹ ඇතුළෙ ලොකු Concerts වල හෙමීට ක්‍රියාත්මක වුණ දෙයක් රට පුරා ගමේ ප්‍රසංග වලට අරන් එන්න උත්සහ කරපු විදිහ තමයි වැරදි. විනී එකේ මහතුන්ගෙ මසුරු චරිතය ගොඩක් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙන් දකින්න තරම් මේ ඇස් පව් කළා. “සල්ලි සල්ලි සල්ලි” ඇත්තටම එහෙම එකතු කරන Royalties අසරණ වෙලා ඉන්න අහිංසක පද රචකයින්ට, තනු නිර්මාපකයින්ගෙ අතට යනවා නම් ඒක නම් පිනක්. ඒ ගැන මේ ඇති. යහපතක්ම වේවා!
ඉස්සරහට එන මගේ සිංදු නිසා කිසිම ප්‍රශ්නයක් රසිකයාට, සංවිධායකයාට ඇති නොවෙන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒත් පරණ සිංදු නිසා ප්‍රශ්න ඇති වෙන ඕනම තැනකදි මොළෙන් තීරණ අරන් නීතියට වැඩ කරන්න බුද්ධි මට්ටමකුත් මට තියෙනවා. මෙතෙක් ඒ පරණ සිංදු වලින් මුදල් හම්බ කරලා තියෙන්නෙත් වෙනත් පාර්ශව තමයි. මම නම් නෙමෙයි. ඒත් කමක් නෑ. මම සිංදු හදන්නෙත්, හැදුවෙත් අච්චරක් හොයනවා මෙච්චරක් හොයනවා කියලා ඒක මුදල් ගනුදෙනුවක් කරගෙන නෙමෙයි.
පුරා අවුරුදු 10ක් ඔයාලා මාව බලාගත්තා. මගෙ ජීවිතේම කණපිට හැරෙව්වේ මිනිස්සුන්ගෙ ආදරය. මම පෙරළා ඔයාලට ගීතයෙන් දෙන්නෙත් ආදරය.
අලුත් පරණ භේදයක් නෑ. ඇත්ත කලාකරුවන් නැවත බිහිවේවා!
ඒකයි අවසානයේ මගේ ප්‍රාර්ථනාව!!!
“මගේ රසිකයො මට කස්ටර්මර්ස්ලා නෙමෙයි”
-සඳුන් පෙරේරා-
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:07
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26