hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:12



ආණ්ඩුව විසින් ගෙන එන ලද නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම සංවිධානාත්මක අපරාධ වැළැක්විමේ පනත දෙස බලන විට යම් බියක් මතු වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර ඔවුන් විසින් ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ  මැතිවරණ  ප්‍රකාශනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රකාශනය තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති සියල්ල අහෝසි කර පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම්, නිදහස, මානව ගරුත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට පොරොන්දු වූ බවයි.

සමාජය තුළ තිබෙන කියමනක් වන ‘බලය දූෂණය කරනවා අතිශය බරපතළ බලය අතිශය බරපතළ විදිහට දූෂණය වෙනවා’  යන කියමන වර්තමානය වන විට යථාර්ථයක් බවට පත් වී ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

පාඨලී චම්පික රණවක කියා සිටියේ ජනතාව විසින් ආණ්ඩුවට දුන් අති විශාල බලය අයථා ආකාරයට පාවිච්චි වෙනවාද යන සැකය දැන් හැම ආකාරයෙන්ම මතුවෙමින් පවතින බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා

“ මේ ආණ්ඩුව ගෙනැල්ලා තියෙනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීම පිළිබඳ නව පනතක්.  නමුත් විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වීම සඳහා මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළා පොහොසත් රටක් ලස්සන ජීවිතයක්  නමින්. මේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති සියල්ල අහෝසි කරලා පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම්, නිදහස, මානව ගරුත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව.

දැන් අපිට පේනවා මේ ගෙනත් තිබෙන අණ පනත් දිහා බැලුවහම මේ නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් ඒ වගේම සංවිධානාත්මක අපරාධ වැළැක්විමේ පනතත් පිළිබඳව බැලුවාම අපිට යම් ආකාරයකට අතීතයේ සිදුවීම් එක්ක බැලුවාම යම් බියජනක තත්වයක් ඇති වන බව ප්‍රකාශ කළ යුතුයි. අපි දන්නවා සාමාන්‍ය කියමනක් තියෙනවා බලය දූෂණය කරනවා අතිශය බරපතළ බලය අතිශය බරපතළ විදිහට දූෂණය වෙනවා කියන එක.ඒ නිසා මේ ආණ්ඩුවට, මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිනියට ලබාදුන් අතිශය විශාල බලය අයථා ආකාරයට පාවිච්චි වෙනවාද කියන සැකය දැන් හැම පැත්තෙන්ම අපිට එළඹෙන මොහොතක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: