2025 ජූනි 25, ප.ව. 1:56
 
            
යුද්ධයේ බලපෑමක් හමුවේ හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැමුවහොත් රට තුළ ඉන්ධන හිගයක් ඇතිවිය හැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක් කරයි.
කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවත් ඉදිරි මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.
සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කළේ,
“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.
අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25