දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (27) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇති. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. යොහානි කියන්නේ ඇත්තටම අපේ රටේ ගායනය තුළ පෙරළියක් ඇති කරපු චරිතයක්. ගායනය විතරක්ම නෙවෙයි විලාසිතා අතින් ගත්තත් ඒක එහෙමයි. ඉතින් වෙනස් වෙනස් විලාසිතා මවන යොහානිගේ මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. මෙන්න බලන්නකෝ එයාගේ ලස්සන.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භ වීමට නියමිතව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි. අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, “සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම් දුන්නා.”
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස හා මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට උදෑසන 05 සිට රාත්‍රී 07 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම කපා හරින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. ජනතාව පත්වන අපහසුතාවයන් අවම කර ගැනීමට හැකි ලෙස පෙර සූදානමින් කටයුතු කරනා මෙන් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන ගායන ක්ෂේත්රය තුළ අලුත්ම ගමනක් යන ආදරණීය ගායිකාවක් තමයි මාරියා නෝනිස් කියන්නේ.මාරියා කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායකයෙක් වුණු නදීර නෝනිස්ගේ ආදරණීය එකම දියණිය. ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එක්තරා අවුරුදු උත්සවයකදී තාත්තත් එක්ක අවුරුදු වැඩසටහනකට ඇවිල්ලා ගීත ගායනා කිරීමත් සමඟයි.ඊට පස්සෙ ඇයට ලැබුණු ජනප්‍රියතාවයත් එක්ක ඇයගේම ගීතයක් එළියට ආවා. මේ වෙදි සංක දිනෙත් කියන ප්‍රවීණ ගායන ශිල්පියාත් ඇයට ගීතයක් නිර්මාණය කරලා දීලා තියෙනවා.ඒ ගීතයත් ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ඉක්මනින් එයි කියලා තමයි ඇය සදහන් කරන්නේ. ඒ වගේම තමයි ප්‍රසිද්ධ උනාට පස්සේ බොහෝ දෙනෙකුට ආරාධනා ලැබෙනවා රංගනයටත් සම්බන්ධ වෙන්න.ඉතින් ඇයටත් ඒ වගේ ආරාධනා ඇවිල්ලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්. “රඟපාන්න ආරාධනා ඇවිල්ලා තියෙනවා ඒත් කවදාවත් රංගන ක්ෂේත්රයට යන්න පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ.පොඩි කාලේ ඉඳන්ම අදත් මට කැමති දේ කරන්න නිදහස දීලා තියෙනවා තාත්තා ගොඩක් හොඳයි. කිසි දේකට අණ කරන්නේ නෑ. ඒ නිසා හොඳයි හැබැයි මියුසික් කරද්දි නම් හරියට කරන්නේ නැති උනහම තරහා යනවා”
විරාජ් පෙරේරා කියන්නේ ලංකාවම දන්න කියන හැමෝම ආදරය කරන ගායකයෙක්. ඔහු ගායනා කළ ගීතවලට බොහෝ දෙනෙක් දක්වන්නේ ඉතාමත් විශාල ප්‍රියතාවයක්. ඉතින් මෙහෙම හැමෝම ආදරය කරන විරාජ් එයාගේ ෆේස්බුක් ගිනුමේ අපූරූ සටහනක් තබා තිබුණා. ඒ විශාල මුදලක් අය කරන ගායක ගායිකාවන් ගැන. පසුගියදා සමාජ ජාලා තුළ කතාබහට ලක්වුණ සිදුවීමක් අලලා මේ සටහන ලියා තිබුණ බවටයි බොහෝ දෙනෙක් මත පල කරලා නම් තිබෙන්නේ. ඉතින් මේ සටහනට හොඳ සහ නරක ප්‍රතිචාර බොහෝ ලැබෙනවා. "ලක්ෂ ගනනක් අය කරන අලුත් සහ පරන ගායක ගායිකාවන්ට උපහාරයක්ම වේවා…media වලින් කියන්නේ අපේ රසිකයන්ට පන වගේ ආදරෙයිලු. මං දැන් අවුරුදු 14ක් තිස්සේ සංගීත ක්ශේත්‍රයේ සංගීත අධ්යක්ෂවරයෙක් ලෙසටත් පද රචකයෙක් ඒ වාගේම ගායන ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනව … මං නිර්මානය කරපු ගීත වගේම ගායනා කරන ඉතාමත් ප්‍රසිද්ධ ගීත 40ක් 50ක් මටම තියෙනව..ඒක ඔයාලත් දන්නවා.. මටත් පුලුවන් මට දැනට තියෙන ගීත වල වටිනාකමත් එක්ක ලක්ෂ 3කට 4කට ප්‍රසංග බාරගන්න… ඒත් මං කවදාවත් එහෙම කලේ නැහැ… මං කිසිම දවසක ප්‍රසංග වල ගීත ගායනා කරල සල්ලි ගනන් කරන්නෙත් නෑ…මං ගීත ගයන්නෙ ඔයාලගෙ සතුට වෙනුවෙන්…. ගොඩක් අය මට කියනව විරාජ් ඔයා දැන් ලක්ෂ 2ක්වත් අවම ගන්න ඕන කෙනෙක් කියල…එක අතකින් බලද්දි ඒක ඇත්ත..අලුතින් ආපු ළමයි වගේ පරන අයත් ගොඩක් දැන් ලොකු මුදල් ඉල්ලනව sing කරන්න…ඒ අස්සෙ මම ඇයි මෙච්චර ගීත තියාගෙන අඩු මුදලකට ගීත ගායනා කරන්නේ ඒකට හේතුව තමයි පුතේ සල්ලි පෙරේතකමින් music කළොත් ආත්මය තුල වැඩිපුර ආසාව ඇතිවෙන්නේ මුදල් වලට… වැඩිපුර පෙරේතකම ඇතිවෙන්නේත් මුදල් වලට.. සමහර විට ඒ පෙරේතකම නිසාම ලබන ආත්මයේ සල්ලි හිඟාකන මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නැහැ…පරිස්සමෙන් ලබන ආත්මයෙත් ගායන ශිල්පියෙක්ම වෙන්න මං උත්සහ කරනව මුදල් පෙරේතකම පැත්තකට දාලා….මුදල් වලට නෙමේ අපේ සිංදු වලට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න මුලින්ම… junior artist ලට වගේම senior,ලොකු මුදලු මිනිස්සුන්ගෙන් ඉල්ලන ලොකු ලයින් අල්ලන artist ලට මේ කියන්නේ …උඹලත් එකයි මට දේශපාලකයොත් එකයි…පන දෙන්න media වල කථාව නම්…මගේ රසිකයොන්ට මං ආදරෙයි ලු…ආදරෙයි නම් පලයව් දුප්පත් මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට…සක්කිලි වගේ උන්ගෙ දුප්පත් කමටම කෙලවන්න හදන්නෙ නැතුව දේශපාලකයෝ වගේ…ඒ වගේ ලොකු ලයින් අල්ලන උන්ව ගෙන්නනවටත් උඹලට හොදම වැඩේ…අඩුම තරමේ හරියට සමහර එවුන්ට සිංදු කියන්නත් බැහැ…එහෙම එවුන්ටත් ලක්ෂ ගනන් ගෙවල ප්‍රසංග වලට ගෙන්නන තරම් මොලයක් නැහැ කියන්නෙ ඉතිං කථා කරලත් වැඩක් නැහැ මං ඕව ගැන… තේරුම් ගනිල්ලා ලොකු මුදල් ඉල්ලන එකෙක්වත් උඹලට ආදරේ නැහැ සල්ලි වලටයි ආදරේ "
කායික සබඳතාවක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. මේ අතර, වැඩිදුර වෛද්‍ය විමර්ශන සඳහා එම දැරිය කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. සිද්ධිය පිළිබඳව පොලිසිය සහ වෛද්‍යවරුන් විමර්ශන කිරීමෙන් පසු දැරිය ගැබ් ගැනීමට හේතුව අනාවරණය නොවූ නිසා වැඩිදුර විමර්ශන සඳහා ඇය මෙසේ කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වනවා. පොලිසිය සහ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ,හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය කායික සබඳතාවයක් නොමැතිව ගැබ්ගැනීමක් සිදු වී ඇති බවටයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොලී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින්. ඒ අනුව රුපියල් ලක්ෂයට වඩා මාසික පොලිය අඩු පිරිසගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ පසුගිය කාලයේ 16% ක් ව තිබුණු ණය පොලී අනුපාතය 9% තෙක් අඩු කර ඇති බවත් මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින බවත් සැලසුම් සහගත නොවී ක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවට පවතින මුදල් ප්‍රවාහ අනුව විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා ක්‍රියාත්මක වන බවත් ය.
කසුන් මහේන්ද්‍ර හීනටිගල.. අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක් විදිහට.. අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනී මාධවීගේ පෙම්වතා වන කසුන් ගැන බොහෝ දෙනෙක් දන්නේ අන්න ඒ විදිහට.. කසුන් - මාධවී ආදර කතාව එහෙම දිව යද්දී අද කසුන්ගේ මුහුණු පොතේ තවත් විශේෂ සටහනක් දැකගන්න පුළුවන් වුණා.. ඒ ඔහුගේ අක්කා වෙනුවෙන් පළ වුණ උපන්දින සුබපැතුමක්... ඒ දෙන්නාගේ බැඳීම හරිම වෙනස් එකක්.. මොන තරම් වයසට ගියත් , මොන තරම් දේවල් වෙනස්වුණත් තවමත් ඒ ආදරණීය බැඳීම හරි පුදුමාකාරයි.. මෙන්න ඒ ගැන ඔහු එක්කළ සටහන.. ''මජිඩ් මජිඩිගෙ ෆිල්ම් එකක් තියෙනව 'Children of Heaven' කියල. ඒ කතාවෙ, තමන්ගෙ සහෝදරීගෙ සපත්තු කුට්ටම අලුත්වැඩියා කරන්න ගෙනියද්දි 'අලි' කියන සහෝදරයා අතින් ඒක අස්ථානගත වෙනවා. ඊටපස්සෙ කතාව ඉවර වෙනකල්ම තියෙන්නෙ අලුත් සපත්තු කුට්ටමක් අසරණ සහෝදරීට අරං දෙන්න අලි මහන්සිවෙන මහන්සිවිල්ල !තමුසෙ නොහිටින්න මගේ සපත්තු කුට්ටමත් අතුරුදහන් වෙලා හුඟක් කල්. මගේ කතාවෙ තමුසෙ තමයි අර කතාවෙ 'අලි.' මං උගෙ 'නංගි.' පොඩි කාලෙම මගෙ 'ජීවිතේ සපත්තු කුට්ටම' නැති වුණාම මං වෙනුවෙන් දිවා රෑ නොබල මහන්සි වෙවී අලුත් කකුල් දෙකක් දිවිහිමියෙන් හෙව්වෙ තමුසෙ ඕයි. ඒ දෙපයින් තමයි මං මුලින්ම හයියට හිටගත්තෙ. තාත්තට රස්සාවක් නොතිබිච්ච හුඟක් කාලවල තමුසෙ නොඉන්න අක්කෙ, ඒ කාලෙ අපි මැරිච්ච තැන්වල මෙලහකට රූස්ස ගස් හැදිල.මගේ එක කුස උපන් ආන් ඒ යකඩ සහෝදරීට සුබ උපන් දවසක් වේවා !කසුන් මහේන්ද්‍ර හීනටිගල''
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම කාලගුණ නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.