hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 26, ප.ව. 5:18



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු භාරගෙන පක්ෂයේ විනය කඩකල අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම විනය ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.

අවසන් වරට ජනාධිපතිවරයා හමු වු බැසිල් රාජපක්ෂ මහතාද මේ බව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කල අතර ඊට ජනාධිපතිවරයා පිළිතුරක් ලබා දී නොමැති බවද වාර්තා වෙනවා.

එම නිසා පක්ෂයේ විනය මණ්ඩලය කඩිනමින් රැස්වී මෙම විනය ක්‍රියාමාර්ග කඩ කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: