hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 26, ප.ව. 10:09



විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඩී. වී. චානක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ මේ වනවිට ගුණාත්මක භාවයෙන් ඉහල ඉන්ධන සාධාරණ මිලකට ලබාදීමට තම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව කිය සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,

“බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් වූ ස්වාධීන නියාමන ආයතනයක අවශ්‍යතාවය අප හඳුනාගෙන තිබෙනවා. වැඩිදුරටත් පැහැදිලි කළහොත් රටට ආනයනය කරන භූමි තෙල්, පෙට්ට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන, LPG, LNG සහ ලිහිසි තෙල් ඇතුළු සියල්ලගේම ගුණාත්මකතාවය, බෙදාහැරීමේ තරඟකාරීත්වය මෙන්ම මිල ගණන් සම්බන්ධයෙන් නියාමනය කිරීම මේ ස්වාධීන ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණයි. එමඟින් පාරිභෝගිකයන්ට විධිමත් සහ සාධාරණ මිලක් යටතේ සැපයුම් ලබාදීමට හැකිවන බව ද සඳහන් කළ යුතුයි. ඒ සඳහා ප්‍රධාන රාමුව සකස් කිරීමට අවශ්‍ය තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ලෝක වෙළඳපල තත්ත්වයන් සහ ඒ තුළ ඉන්ධන මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව හඳුනාගෙන, ඉදිරි මාස 06ක් සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: