hit counter

2025 ජූනි මස 22 වන ඉරිදා

2025 ජූනි 22, ප.ව. 4:33



ඉන්දියාවේ සිදුවුණු බිහිසුණු ගුවන් අනතුර ගැන තවමත් ලෝකය පුරාම ජනතාව කතා කරන්නේ ඉමහත් වේදනාවකින්…ඇත්තටම සිදුවුණේ මොකද්ද ?

ඒ ගැන විවිධ මත පලවෙනවා … 

ලෝකයේ ගත වූ දශකයකදී සිදු වූ දරුණුතම ගුවන් යානා අනතුරක් සලකුණු කරමින්, ඉකුත් බ්‍රහස්පතින්දා (12) ප.ව. 1.38ට ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළින් ගමන් ඇරඹූ එක්සත් රාජධානියේ ලන්ඩනයේ ගැට්වික් අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගොඩ බැස්සීමට නියමිතව තිබූ බෝයිං 787-8 ගුවන්යානය ගුවන්ගත වී මිනිත්තු 2ක් යන විට ඉතා දරුණු ලෙස අනතුරට පත් වූ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේය. එක්සත් රාජධානියේ ගැට්වික් ගුවන් තොටුපළට 18.25ට මේ යානය ළඟා වීමට නියමිතව තිබී ඇත.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් අනතුරට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගුවන් රේඩාර් අනුව, අනතුර සිදු වන විට ගුවන් යානය පොළෝ මට්ටමේ සිට අඩි 625ක් (මීටර් 190ක්) උසින් පියාසර කරමින් තිබී ඇති අතර, ඇසිල්ලකින් අනතුරට පත් වූ ගුවන්යානය, ඒ අසල තිබූ අහමදාබාද් වෛද්‍ය නේවාසිකාගාරයකට කඩාවැටී තිබූ දරුණු ආකාරය, විදෙස් මාධ්‍ය රූප රාමු සහිතව දිගින් දිගටම වාර්තා කළේය. මේ වන විටත් එම අනතුරින් පුද්ගලයින් දෙසීයකට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර, මේ අනතුර සමස්ත ගුවන්යානා හා ගුවන් සේවා පද්ධතියම මහත් ලෙස කැලඹූ සිද්ධියක් විය.

අහමදාබාද් පොලිස් ප්‍රධානී මලික් ප්‍රකාශ කර ඇති ආකාරයට මෘතශරීර දෙසිය හතරක් අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් දැනටමත් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මරණයට පත් පිරිස අතර ගුවන් මගීන් හා කාර්ය මණ්ඩලයද ගුවන්යානය පතිත වූ වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ලේ සිටි වෛද්‍ය සිසුන් ඇතුළු පිරිස ද යන දෙකොට්ඨාසයම සිටි බව පොලිස් ප්‍රධානී මලික් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන්යානයේ සිටි මගීන් අතර විවිධ ජාතිකයන් සිට ඇති අතර, බහුතර පිරිස ඉන්දීය ජාතිකයන් වූ අතර, ඒ සංඛ්‍යාව 169කි. බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්ද, පෘතුගීසි ජාතිකයන් 7ක්ද, එක් කැනේඩියානු ජාතිකයකුද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගුවන් අනතුරින් දිවි බේරාගත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි විශ්වාස් කුමාර් රමේෂ් ප්‍රකාශ කර ඇත්තේ, ගුවන්යානය ගමන් අරඹා තත්පර 30ක් වැනි කෙටි කලකදී ඉතා විශාල ශබ්දයක් නඟමින් අනතුරට පත් වූ බවත්, ඒ සැම දේම සිදු වූයේ ඇසිල්ලකින් බවත්ය.

චතුරංග අනුරාධ සුබසිංහ නම් තරුණයා Air India ගුවන් අනතුර Short Movie එකක් විදිහට AI වලින් නිර්මාණය කරලා තියෙන්නේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: