hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 13, පෙ.ව. 12:02



සුදු අරලියා මල කැසට් පටයත් එක්ක ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වුනෝ ගායන ශිල්පියෙක් තමයි අජිත් මුතු කුමාරණ.සකුරා රේන්ජ් නමින් ඔහුගේ මුල්ම සංගීත කණ්ඩායම කරළියට එද්දී ඔහුට ආදරේ කරන පිරිස තව තවත් වැඩි වුණා.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම ඒ කාලයේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි සංගීත කණ්ඩායමක් වුණා.හැබැයි ආයතනයක් සමඟ ගිවිසුම් ගතව ඇතිවූ මේ සංගීත කණ්ඩායමේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා අජිත්ට මේ සංගීත කණ්ඩායමෙන් සමුගන්න සිද්ධ වුණා.

දැන් ආයෙමත් සැරයක් ඔහු සකුරා රේන්ජ් කියන සංගීත කණ්ඩායම නැවත වතාවක් අලුත් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න සූදානම් හැබැයි පරණ හිටපු අය නම් ඔහුත්තක වැඩ කරන්නේ නෑ කියලත් සඳහන් කළා.ඒවගේම තමයි අජිත් ගැන කතා කරද්දි ඔහු මේ දවස් වල වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට.

ඉතින් කවුරුත් දන්න විදිහට ජනප්‍රිය ගායිකාවක් වෙච්චි කේ.සුජීවා සමඟ තමයි අජිත් මුතු කුමාරණා අවුරුදු පහක පමණ කාලයක් ජීවත් වුණේ. හැබැයි මේ සම්බන්ධය නම් දැන් නැවතිලා දෙන්නම දෙපැත්තකට වෙලා ජීවත් වෙනවා.කොහොම නමුත් සැබෑ ජීවිතයේ ආදරය ලඟ අජිත් පරාජිතයෙක්ද කියලා අහපු අවස්ථාවකදී අජිත් කිව්වේ මේ වගේ කතාවක්.

“ජීවිතයේ අපි ගන්න හැම තීරණයක්ම හරියන්නෙත් නෑනේ. අපිට මේ ජීවිතයේ සමහරු මුණගැහෙනවා. මුණ ගැහෙන අය ආයෙත් යන්න යනවා.ඒක තමයි ඉතින් ජීවිතේ හැටි. දැන් ඉතින් තනියම ඉන්නවා රසික රසිකාවියන්ගේ ආදරය ඇති මට ජීවත් වෙන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: