hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මාර්තු 01, ප.ව. 1:20



ලාංකීය කලා ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. ඉතින් ඔහුට ඉතාමත් සුරූපි දියණියක් සිටිනවා ඇය නමින් ඉෂාරා අතුකෝරල.

මේ තාත්තයි දුවයි ගැන හදිසියේම කතාබහක් ඇතිවෙන්නෙ ඒ දෙන්නා බර්ගර් විකුණන වීඩියෝ එකක් බුකියේ පැතිර ගිය නිසයි.

පාර දිගේ ටෙලි නාට්‍යයේ සචිනි ලෙස රඟපාන ඉෂාරා මෙම ව්‍යාපාරයේ ආරම්භය ගැන මෙසේ අදහස් දක්වා සිටියා,

“ඇත්තටම මේ වැඩේ පටන් අරන් නම් දැනට අවුරුදු තුනක් විතර වෙනවා. අතුරුගිරියේ තමයි බර්ගර් හට් එකක් මුලින්ම දැම්මේ. කොරෝනා එක්ක ඒක නතර කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ අවුරුදු එකහමාරක් විතර ම බිස්නස් එක නැවතිලා තිබුණා. ඒ තාත්තා, අම්මා මම අපි තුන් දෙනාම බොහොම බලාපොරොත්තුවකින් තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. මේක පටන් ගන්න හේතුව වුණෙත් අම්මට බොහොම රහට කෑම හදන්න පුළුවන්. ගෙදරට මගේ යාළුවෙක් ආවත්, තාත්තගේ යාළුවෙක් ආවත් ඇයගේ කෑමවල රසය ගැන නිතරම කතා කරනවා. ඒ නිසාම් මගේ හිතට ආපු අදහසක් මේ පුංචි ව්‍යාපාරය. මම මුලින්ම අම්මටයි තාත්තටයි ඒ ගැන කිව්වහම එයාලා ඊට කැමැති වුණා. සූපවේදිනීය ගෙදරම ඉන්න නිසා ඒ වෙනුවෙන් අමතර වැටුපක් ගෙවන්න ඕන වුණේ නැහැ. ඒ අනුව අඩු වියදමකින් මේ වැඩේ පටන් ගන්න පුළුවන් කියලා හිතලා තමයි මේ කටයුත්ත ආරම්භ කළේ.”