2023 මාර්තු 03, ප.ව. 9:27
මෙරට නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද (03) හිමි වුණා.
ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.
ලියාපදිංචි කරන ලද පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම අද (03) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එම අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා වෙත ලබා දුන්නා.
එම අවස්ථාවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එම රථයේ නැගී යනු දැක ගැනීමට හැකි වුණා.
එම අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ “හෙමින් යන්න” යනුවෙනුයි.
2024 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:08