2025 ජූනි 27, පෙ.ව. 12:03
ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් සහ ලාංකේය කලාව තුළ සුවිශේෂී තරු සලකුණක් වන ප්‍රවීණ රංගන ශිල්පි බිමල් ජයකොඩි අතර හමුවක් සිදුව තිබෙනවා.
මෝහන්ලාල් පසුගියදා මෙරටට පැමිණියේ, ඔහුගේ නවතම චිත්‍රපටය වන “පේට්‍රියට්”හි රූගත කිරීම් සඳහායි.
මෝහන්ලාල් – බිමල් සුහද හමුව සිදුව තිබුණේ, ඒ අතරතුරදීයි.
එහි තවත් විශේෂත්වයක් වන්නේ, මේ දිනවල රූගත කෙරෙන “ධර්මයුද්ධය 2” සිනමාපටයට පාදක වන ‘Drishyam’ මලයාලම් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පියා මෝහන්ලාල් වීමයි.
එමෙන්ම “ධර්මයුද්ධය 2” සඳහා ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වන්නේ බිමල් ජයකොඩි වීම මෙම හමුවේ වටිනාකම වැඩිකරන්නක්.
මෙම හමුවේදී “ධර්මයුද්ධය 2” සිනමා පටයේ රූගත කිරීම් සඳහා මෝහන්ලාල් විසින් බිමල් ජයකොඩි සහ එහි කණ්ඩායමට සිය සුබ පැතුම් ද එක්කර තිබෙනවා.
එහිදී ”Drishyam 3” සිනමා පටයේ සියලු වැඩ කටයුතු මේ වසර අවසානයේ, අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මෝහන්ලාල් සඳහන් කර තිබුණා.
මෙම සුවිශේෂී හමුව පිළිබඳව අදහස් දක්වමින් බිමල් ජයකොඩි සඳහන් කර තිබුණේ, ධර්ම යුද්ධය 2 රූගත කිරීම් අතරතුර, Drishyam මලයාලම් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පී, ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල්ව මුණ ගැසීම ජීවිතේ ලොකු වටිනාකමක් සේ ම ඔහු නිරූපණය කළ චරිතයම නැවත ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් පනපොවන මොහොතක මෝහන්ලාල්ගේ සුබ පැතීම ඒ ගමනට ලොකු අත්වැළක් වූ බවයි.
2025 ජූනි 27, පෙ.ව. 12:06
2025 ජූනි 26, පෙ.ව. 12:06
2025 ජූනි 26, පෙ.ව. 12:02
2025 ජූනි 25, ප.ව. 5:39
2025 ජූනි 25, පෙ.ව. 9:44
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
27-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25