hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 මාර්තු 12, පෙ.ව. 11:25



ගාල්ල ජාතික රෝහලේදි මම දැඩි කම්පනයකට පත්වුණු සිද්ධියකට මුහුණ දුන්නා. මම මේ කියන්නේ සෞඛ්‍ය පහසුකම් ගැන නෙවෙයි. මම කියන්නේ ඒ රෝහලේ වැඩ කරන හෙදියන් ගැන. මම ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට කියන්නේ ඔයාලට වගකීමක් තියෙනවා අපිරිසිදු රෝගීන් ගැන. මගේ රාජකාරිය තමයි ජර්මනියේ රෝගීන්ව සේදීම, ආහාර දීම, ඩයපර් මාරු කිරීම, තුවාල වෙලීම වෛද්‍යවරයාට සහයවීම, රුධිරය බැලීම, ප්‍රෙෂර් බැලීම, සීනි බැලීම. ඒ වගේම මම රෝගියාගේ පවුලේ අයව දැනුවත් කළ යුතුයි කොහොමද රෝගියාව බලාගන්නේ කියලා. අපි නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න තෝරගද්දි අපි දිවුරුමක් දෙනවා මිනිස්සුන්ව බලාගන්නවා කියලා.ලංකාවෙදි මම දැක්කේ රෝහලේ ගොඩක් හෙදියෝ හිටියා. මම හිටිය වොට්ටුවෙ මට මතක විදිහට නලා දහයක් දොලහක් හිටියා. එයාලා කාඩ් සෙල්ලම් කර කර හිටියා. එයාලා එකිනෙකා එක්ක කතා කර කර හිටියා. සමහරු ෆෝන් කෝල්වල හිටියා. ඒ ගොල්ලන්ගේ රාජකාරී වෙලාවෙදි එය දැකීම මට ලොකු කනස්සල්ලක් වුණා. මොකද එතන රෝගීන් හිටියා. එයාලා කෑ ගහනවා විලාප දෙනවා. මිනිස්සු හිටියේ වේදනාවෙන් සහ බයට පත්වෙලා. එකම නර්ස් කෙනෙක්වත් බැලුවේ නෑ ඒ අයට මොකද වෙලා තියෙන්නේ කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: