hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 පෙබරවාරි 02, ප.ව. 4:02



කුරුණෑගල ප්‍රදේශයේ බස් රථයකදී තම පෙම්වතිය මාරු වී වයෝවෘද්ධ කාන්තාවක් බදා ගත් පුවතක් වාර්තා වනවා.

කුරුණෑගල බස්නැවතුම් පොලෙන් බස් රථයට ගොඩ වූ තරුණ පෙම් යුවලක් දෑත් පටලවාගෙන බස් රථයේ ගමන් කර සිට ඇති අතර පෙරදින රාත්‍රියේ දී තරුණයා මළගෙදරකට සහභාගි වූ නිසා ඔහු දැඩි නිදිමතේ සිටින බව පවසා තරුණියගේ උරහිසේ නිදා ගෙන ඇති අතර තරුණිය අතර මග නැවතුමකින් බසින බව ඔහුට පවසා තිබෙනවා.

පසුව තරුණයා නිදාගෙන යනවිට තරුණිය අදාල බස් නැවතුමේ දී තද නින්දේ සිටින තම පෙම්වතා හෙමින් සීරුවේ තම සිරුරෙන් මෑත් කොට බැස ගොස් තිබෙනවා.

තරුණිය සිටි අසුනට පැමිණ ඇත්තේ වයෝවෘද්ධ කාන්තාවක් .නමුත් තවමත් නින්දේ සිටින තරුණයා තමන් අසල සිටින්නේ තමන්ගේ පෙම්වතිය බව සිතා එම වයෝවෘද්ධ කාන්තාව බදාගෙන තිබෙනවා.

බිය වූ කාන්තාව බස් රථයේ දී මරළතෝනි දීම නිසා බස් රථයේ සිටි සියලුම දෙනා ඊට අවධානය යොමු කොට තිබෙනවා.

පසුව සිද්ධිය පැහැදිලි කොට ඔහුව එම කාන්තාවගෙන් සමාව ගත් අතර බස් රථයේ රියැදුරු ඔහුට අවවාද කොට තිබෙනවා.