hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 ජූනි 05, පෙ.ව. 12:02



සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළ පුද්ගලායා අත්අඩංගුවට ගැනීමට මේවන විට විමර්ශන කණඩායම් දෙකක් යොදවා ඇති බව වැලිඔය පොලිසිය පවසනවා.

කුකුල් චමින්ද නමින් හැදින්වෙන මොහු සහ මොහුගේ බිරිඳ දැඩි ලෙස නීති විරෝධී මත්පැන් භාවිතයට හුරුවී ඇති බවයි වැලිඔය පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවාට පහර දෙනු ලබන්නේ මෙම දරුවාගේ මවගේ අනියම් සැමියා බවද සඳහන්.

එසේම, මේ වන විටත් මෙම සිද්ධියට අදාළ කන්තාවන් දෙදෙනා සහ කුකුල් චමින්ද හෙවත් ප්‍රධාන සැකකකරුත් කුඩා දරුවාද රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

කුකුල් චමින්ද තම බිරිඳ සිටියදීම තම බිරිදගේ අවසරය මත තම අනියම් බිරිඳවත් නිවසට ගෙන්වා ගෙන අඹු සැමි ඇසුරක යෙදෙන බවත් ප්‍රදේශවාසින් පවසන බවට වැලිඔය පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, පොලිසිය සැක කරන්නේ, මෙම සිදුවීම වීඩියෝගත කර ඇත්තේ එම පුද්ගලයාගේම තවත් දරුවෙකු බව යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: