2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:10
”ලංකාවේ ඕන තරම් නර්තන ශිල්පීන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන්ට නර්තනයට එහා ගිය වටිනාකම් ගැන අවබෝධයක් නැහැ. ඔවුන් තවම තරු වෙලා නැත්තේ ඒකයි. චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ තරුවක්.”
චන්දිමාල් ජයසිංහ ගැන මෙහෙම කියන්නෙ, දුෂ්‍යන්ත් වීරමන්.
චන්දිමාල් – දුෂ්‍යන්ත් දෙන්නම මේ දවස්වල, ප්‍රසිද්ධ නර්තන රියැලිටි වැඩසටහනක එකම විනිශ්චය මණ්ඩලයේ අසුන්ගෙන ඉන්නායුරු අපට දැකගන්න ලැබෙනවා.
එහි අන් කාටත් වඩා චන්දිමාල් ජයසිංහට එල්ල වන විවේචන වැඩියි.
මීට ඉහත සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු නර්තන කොටසක් අලලා, චන්දිමාල් මෙයාකාරයෙන් නර්තන රියැලිටි වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ අසුන්ගැනීම ප්‍රශ්න කරන පිරිසක් දකින්න ලැබෙනවා.
ඊට වරින් වර චන්දිමාල් විසින්ම ප්‍රතිචාර දක්වලත් තිබුණා.
ඒ අතර, මේ විවේචනයන් ගැන දුෂ්‍යන්ත් වීරමන් දැක්වූ අදහසයි මේ….
”විවේචන බොහෝ විට එල්ල වෙන්නේ දෙයක් ගැන හරියට නොදැනුවත් වීම හේතුවෙන්. චන්දිමාල් ජයසිංහ ගැන බොහෝ දෙනෙක් විවේචනය කරන්නේ ඔහු ගැන තිබෙන නොදැනුවත්කම නිසා. හැබැයි ඔහුගේ සැබෑ කතාව දන්නවා නම් ඔය විවේචන අඩු වෙනවා.
චන්දිමාල් ඔය කියන විධියට නර්තනයෙහි යෙදෙන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එවැනි කෙනෙක්ට නර්තනයක් දෙස බලලා එහි හොඳ නරක කියන්න අවබෝධයක් තිබෙන්න බැරිද.
ලංකාවේ ඕන තරම් නර්තන ශිල්පීන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන්ට නර්තනයට එහා ගිය වටිනාකම් ගැන අවබෝධයක් නැහැ. ඔවුන් තවම තරු වෙලා නැත්තේ ඒකයි. චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ තරුවක්.
ඔහු මීට වසර 17කට පෙර ඩාන්සින් ස්ටාර්වල වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ බව කවුරුත් දන්නෙ නැහැ.
චන්දිමාල් කියන්නේ මේ ක්ෂේත්‍රය තුළ කවදාවත් සල්ලි බලාගෙන වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඔහු මේ ක්ෂේත්‍රයේ තිබෙන සෑම දෙයක් ගැනම විශාල අවබෝධයක් තිබෙන කෙනෙක්.
ඔහුට අපිට වඩා හොඳට නර්තනයක තිබෙන දේවල් දකින්න පුළුවන්. මොකද ඔහු තිරය පිටුපස සිටිමින් මේවා වසර ගණනාවක් අත්වින්ඳ කෙනෙක්.
ඉතින් වසර ගණනාවක් මේ ක්ෂේත්‍රය පිළිබඳව ඔහුට තිබෙන පළපුරුද්ද නිසා නර්තනයක් විනිශ්චය කිරීමේ සුදුසුකම් තිබෙනවා…”
උපුටාගැනීම : හදගැස්ම | ගිහාන් සචින්ත
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:02
10-08-25
10-08-25
10-08-25
10-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
08-08-25
08-08-25
08-08-25
08-08-25
08-08-25
08-08-25
07-08-25
07-08-25