hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:15



දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දිවයිනේ පුංචි එංගලන්තය ලෙසින් හැදින්වෙන නුවරඑලිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය විම හේතුවෙන් නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් වි සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

නුවරඑලිය සිංහ සමාජයට වසර 50 ක් සපිරිම නිමිත්තෙන් 2019 වසරේ එම සමාජයේ පුර්ණ අනුග්‍රහය මත එම හෝරා ස්ථම්භය ඉදි කර එහි නඩත්තු කටයුතු නුවරඑලිය මහ නගර සභාව වෙත ලබාදි තිබෙනවා.

සිංහ සියවස් හෝරා ස්ථම්භය නමින් නම් කර ඇති එම හෝරා ස්ථම්භය ස්ථාපනය කල දින සිටම වරින් වර තාක්ෂණික දෝෂ වලට ලක් වන බවත්, හෝරා ස්ථම්භයේ පැති හතරේ වේලාවන් නිවැරදි සටහන් නොවුනද විනාඩි 10න් 10ට එම හෝරා ස්ථම්භයේ සීනුව නාද වීමෙන් නගරයේ සංචාරය කරන සංචාරකයන්ට, පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ද දැඩි අපහසුතාවයට පත් වි සිටිනවා.

නුවරඑලිය නගර මධ්‍යයේ ඉතා අලංකාරව සිත් ගන්නා සුළු ආකාරයෙන් ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරේ වේලාව නිවැරදි ආකාරයට දර්ශනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන්, ව්‍යාපරිකයන් සහ පාරිභෝගිකයන් මහ නගර සභාවෙන් ඉල්ලා සිටිනවා.