hit counter

2025 අගෝස්‍තු මස 13 වන බදාදා

2025 අගෝස්‍තු 13, පෙ.ව. 12:22



පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) සිය සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් (Georgina Rodríguez) සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.

ජෝර්ජිනා රොඩ්‍රිගස් මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණේ, සිය ගිවිස ගැනීමේ මුදුව ප්‍රදර්ශනය කරමිනි.

රොනාල්ඩෝ මේ පිළිබඳව තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා නොමැත.

රොනාල්ඩෝ සහ රොඩ්‍රිගස් ප්‍රේම කතාවට වසර නවයකි.

ඔවුන්ගේ පළමු හමුව සිදුව තිබුණේ, රොඩ්‍රිගස් සේවය කළ මැඩ්රිඩ්හි Gucci සාප්පුවකදීයි.

ඒ, රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ Real Madrid වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින අවදියයි.

රොනාල්ඩෝට දරුවන් පස් දෙනෙක් වන අතර ඉන් 15 හැවිරිදි පුත් ක්‍රිස්ටියානෝ ජූනියර්, රොනාල්ඩෝගේ පෙර සම්බන්ධතාවයකින් පිළිගත් දරුවෙක් වේ.

රොනාල්ඩෝ – රොඩ්‍රිගස් මීට ඉහත, එනම් 2022 අප්‍රේල් මාසයේදී බාල දියණිය වන බෙලාගේ නිවුන් සහෝදරයා මියගිය බවට නිවේදනය කරන ලදී.

ජෝර්ජිනා රොඩ්‍රිගස්, “I Am Georgina” මැයෙන් වන නෙට්ෆ්ලික්ස් වැඩසටහනේදී වරෙක සඳහන් කර සිටියේ, සිය මිතුරන් විවාහය ගැන තමන්ට නිතර ඇවිටිලි කරන බවයි.

40 හැවිරිදි රොනාල්ඩෝ සහ 31 හැවිරිදි රොඩ්රිගස්, 2017 ජනවාරි මාසයේදී සූරිච් හි පැවති FIFA සම්මාන උළෙලේදී පෙම්වතුන් ලෙස ඔවුන්ගේ පළමු නිල පෙනුම ඉදිරිපත් කළ අතර, එම වසරේ මැයි මාසයේදී Instagram මඟින් නිල වශයෙන් දැනුම් දෙන ලදී.

රොනාල්ඩෝගේ පවුල දැනට ජීවත් වන්නේ සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයේයි.

ඔහු 2022 දෙසැම්බරයේදී අල්-නස්ර් සමාජයට එක් වූ අතර, වාර්තා වන පරිදි වාර්ෂිකව පවුම් මිලියන 177ක (ඩොලර් මිලියන 238) වැටුපක් ලබයි.

රොනාල්ඩෝ විශ්‍රාම යාමට සූදානම් වන බවට කටකතා පැතිර ගිය නමුත්, 2025 ජුනි මාසයේදී ඔහුගේ කොන්ත්‍රාත්තුව 2027 වසර දක්වා දීර්ඝ කළ බවට නිවේදනය කෙරිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: