hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 10, ප.ව. 2:15



දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීන රංගන ශිල්පිනියක්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්.

2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමි වුණා.

බොහෝ අවස්ථාවන්වලදී සමාජ සත්කාර සේවාවන් වලටත් තමන්ට හැකි අයුරෙන් පෙනී සිටින ඇය නිතරම ජනතාවගේ පැත්තේ හිට ගත්තු කලාකරුවන් අතර එක්කෙනෙක්.

එනිසාම ජනතාවගේ ප්‍රශ්න ගැටළු බොහෝ දේවල් අභියස ඇයත් සංවේදී වුණා.

ඉතින් වර්තමානය වන විට රට තුළ පවතින ව්‍යාකූල තත්වය නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පාරට බැහැලා තමයි ඉන්නේ.

ඒ අතරින් බයක් සැකක් නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියමින් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නත් දමිතා අබේරත්න අමතක කරේ නැහැ.

බොහෝ දෙනෙක් නිහඩ වෙලා ඉන්න අවස්ථාවක කෙලින්ම රජයට දැනෙන්න කරපු ඒ කතාව පිළිබඳව ගොඩක් දෙනෙක් ඇයට ස්තුතිවන්ත වෙලා තිබුණා.

පසුගිය දිනකත් ඇය පවතින තත්ත්වය ගැන මෙලෙස අදහස් දක්වා සිටියා.

“අගමැති උනහම අරගලය හොඳයි ජනාධිපති උනහම අරගලය නරක් වෙනවා. ජනාධිපති තුමනි හොයලා බලන්න පරීක්ෂණයක් පවත්වන්න ඔබතුමා අණ දුන්නේ නැත්නම් කවුද එදා ගැහුවේ කියලා. අපිට මේක තවමත් ප්‍රශ්නයක්. 60නම ලක්ෂයක් ඡන්ද ගත්ත ගෝඨාභය රාජපක්ෂ තුමා ගෙදර යවපු අරගලයක් මේක. නිකන් හෑල්ලුවට ලක් කරන්න එපා. ජනාධිපතිතුමනි මේ මර්දනය මේ  ප්‍රචණ්ඩත්වය තරයේ හෙලා දකිනවා.අපිට පුද්ගලික ඇජෙන්ඩා නෑ. අපිට ඔය පුටුවේ ඔබතුමා නැත්නම් වෙන කවුරු ඉද ගත්තත් ප්‍රශ්නයක් නෑ.අපි පාට පක්ෂ රජ කරවන්න මෙතෙන්ට ආවෙත් නෑ පාට පක්ෂ දිනවන්න මෙතෙන්ට ආවෙ නෑ.

අපේ එකම අරමුණ මේ රටේ හරි සිස්ටම් එකක් හදන එක.හොරු නැති රටක් හදන්න.හොරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් හදන්න. මිනිස්සුන්ට සැනසීම ඉන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඒක කරන්න පුළුවන් නං ඒ ඔබ ද වෙන කවුරුහරි ද කියන එක අපිට අදාල නෑ. පුලුවන්නං කරලා පෙන්නන්න කරන්න බැරි උනොත් මේ අරගලය අපේ හිත් වල සහ අපේ රටේම මිනිසුන්ගේ හිත් වල දිනන තුරු නවතින්නේ නැහැ. අද මේ අරගලය ගෝල්ෆේස් එකෙන් සමුගනිවි. හැබැයි මේ අරගලය ඉතාමත් සංවිධානාත්මකයි. අන්තිමට ඔබට විරුද්ධවත් මේ අරගලය නැගී සිටීමට සූදානමින් ඉන්නවා කියන එක හොඳට මතක තියාගෙන පල් හොරු රකින්න එපා.හොරු නැති රටක් හදන්න ජනතාවට සැනසීම දෙන්න.එච්චරයි අපිට ඕනේ එදාට අරගලය අපි නවත්තනවා.අරගලය අවසන් නෑ අරගල භූමියෙන් අපේ අපි අයින් වෙනවා.”