hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 05, ප.ව. 1:02



තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරා සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි විද්‍යාඥයෙක් ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි මියගිය බව මොරගහහේන පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් මිය මියගොස් ඇත්තේ ගොනපොල කුඹුක නැගෙනහිර පදිංචි 37 හැවිරිදි නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක්.

මියගිය පුද්ගලයා මාස තුනක් වයසැති තම කුළුඳුල් දරුවාට අද අලුයම ලබාදීමට නියමිතව තිබූ කිරි දානය සඳහා මල් රැගෙන ඒම සඳහා පිලියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණීමේ දී සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධක හා කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

අනතුරක් සමඟම මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර මීටර් 100 ක් පමණ ඉදිරියට ඇදී ගොස් නතර වී ඇතැයි පොලිසිය කියා සිටියා.

මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක විමත් සමගම එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධව මොරගහහෙන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.