hit counter

2025 ජූනි මස 30 වන සඳුදා

2025 ජූනි 30, පෙ.ව. 12:04



ඉසුරු දේශානි ආදර කතාව ගැන ඇහෙන අමුතුම පුවතක් තමයි මේක.

තව ටික කාලෙකින් මම හේතුව කියන්නම්. අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්නෙ නෑ.

ඉසුරු – දේශානි කතාව ප්‍රමෝෂන් පබ්ලිසිටියක් ද ??

මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක.

ඉසුරු – දේශානි යුවළ, මේ දවස්වල සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක්වනවා.

ඒ පෙම්වතුන් හැටියට.

කතාබහ එහෙම වුණත්, මේක දෙන්නගෙ ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියලත් බොහෝදෙනා අනුමාන කරනවා.

”පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මධ්‍යවල සැරිසරන පුවතක් බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේ ද? එහෙම නැත්නම් මේක ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියන එක.

මුළු සමාජ මාධ්‍ය පුරාම ලොකු කැලඹීමක් ඇතිවෙලා තියෙනවා දැක්කා.

තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියනවා.”

ඒක ඇත්තටම ප්‍රමෝෂන් පබ්ලිසිටියක් නම්, ඉන් සිය චරිතයට වන බලපෑම ගැන දේශානි කියන්නෙ මෙහෙම කතාවක්.

”අපි දෙන්නට දැන් ගොඩක් කටකතා හැදිල තියෙනවා.

ඒ වගේම විවිධ විවේචනවලටත් ලක්වෙලා තියෙනවා මං දැක්කා.

මේකෙ අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්න මං කිසිසේත්ම ඉඩක් තියන්නෙ නැහැ.

අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.”

උපුටාගැනීම : රසඳුන





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: