2025 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:10
දිනේෂ් – රැන්ඩෙලා ආදර කතාව කියන්නෙ බොහෝ පිරිසකගෙ හිත්ගත් ආදරණීය තරු ආදර කතාවක්.
මේ දෙන්නට ආදරේ කරන කවුරුත් ගෙවුණු දවස්වල වඩාත් විමසිලිමත් වුණේ, රැන්ඩෙලාගේ අසනීප තත්ත්වය පිළිබඳව.
ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක, ඔවුනට ලැදි රසික සමූහයා ඒ ගැන වඩාත් විමසිලිමත් වුණා.
ඔන්න එහෙම ඇය ගැන හොයා බලන කාටත්, දිනේෂ් දිගු සටහනක් තියලා.
ඒ, රැන්ඩෙලා දැන් සුව වෙමින් ඉන්නා බවට වන සුබ පණිවුඩය ද බෙදාගනිමින්…
”ඒ කාලේ අපේ පල්ලියෙ තිබුණු විවාහ උත්සව සිය ගණනක අපි දෙන්න ගීතිකා කියලා ඇති…
ඒ හැම දවසකම අපි දෙන්නටම ඇහුන වාක්‍යයක් තිබුණා. “මෙතැන් පටන් ඔබ දෙදෙනා දෙදෙනෙකු නොව එක් අයෙකි.”
දහස් වතාවක් අපි දෙන්නටම ඇහුන ඒ වචන පේළිය සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගිකව විඳින එක, ක්‍රියාවට නංවන එක… ඒ තරම් ලේසි නොවුනත්, අපි දෙන්නම පහුගිය අවුරුදු 15 පුරාවටම උත්සාහ කරා ඒ වචන පේලියට යම් සාධාරණයක් ඉෂ්ට කරන්න, ජීවිතෙ මොන මොන අභියෝග අපේ ඉස්සරහට ආවත්….
ඉතින් ඒ ගමනේ අපි දෙන්නා, අපි දෙන්නත් එක්ක රැඳිලා ඉන්න එක කොයිතරම් වැදගත්ද කියන එක අපිට තේරුම් ගිහිල්ලා තිබුණා.
ඉතිං ඒ විදිහට එකට ආව ගමනේ මට එයාව නැති වෙයි කියලා දැනුන “මහා බය” දෙවැනි අවස්ථාවටත් මගේ ඉස්සරහට ආවා, මේ ගෙවිල ගිය සැප්තැම්බර් මාසේ පුරාවටම!
ඉතින් හැමදාමත් වගේ මේ වතාවෙත් මගේ ආදරෙත් එක්ක මම තනිවුනේ නැහැ, මිහිපිට දෙවිවරු… දේවතාවියෝ… ගොඩාක් දෙනෙක් එකතු වෙලා එයාව ආදරයෙන් බලා ගත්තා.
තවමත් එයාලා එයා ගැන බලනවා… අදටත් එයා හෙමින් හෙමින් සුව වෙමින් ඉන්නවා.
නමින් නමට ලියලා ස්තූති කරන්න ගියොත් අනිවාර්යෙන්ම මගඇරෙන බව මම හොඳාකාරවම දන්නවා. මොකද ඒ තරම් පිරිසක් අපි දෙන්නත් එක්ක, මගේ දුවලා දෙන්නත් එක්ක මේ වෙලේ හිටගන්නවා….
ආදරණීය ඔයාලත් අපිත් එක්ක රැඳුනා… ස්තූතියි ඔයාලටත්!
මෙහෙම ලියලා දැනට මේ සටහන ඉවර කරන්නම්….
කාසල් වීදියේ කාන්තා රෝහලේ,
• අධ්‍යක්ෂක වෛද්‍යතුමා, අජිත් දන්තනාරායන මහතා සහ කාර්ය මණ්ඩලය
• විශේෂඥ වෛද්‍ය පී.ඩී ලියනගම මහතා ඇතුළු වාට්ටු අංක 9/10 සේවයේ නිරතුරු වෛද්‍යවරුන් සහ සියලුම කාර්ය මණ්ඩලය
• ශල්‍යාගාරයේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය
• එක වචනෙකින් හරි අපේ හිත්වලට හයියක් උන ඔයාලත්
……මගේ හුස්ම වැටෙනකල් මම ඔබලා සියලු දෙනාටම ණයගැතියි… ස්තුතියි….ආදරෙයි….”
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:05
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25