hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 පෙබරවාරි 24, ප.ව. 1:03



උපත් පාලනය සඳහා කාන්තාවන්ට ලබා දෙන එන්නතක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සුනඛයන්ට වඳ සැත්කම් කිරීමට යොදා ගැනීම නිසා එම සතුන්ගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ලවී ඇතැයි පශු වෛද්‍ය නිලධාරීන් කියා සිටිනවා.

සුනඛයකුගේ ගැබ් ගැනීම සඳහා දින හතක පමණ කාලයක් ගතවන අතර, මෙවැනි කාලයකදී මෙම එන්නත ලබාදීම මගින් කුස තුළ සිටින පැටවුන් මියයෑමේ සම්භාවිතාව වැඩි බවද පශු වෛද්‍යවරු පවසනවා.

කෙසේ වෙතත් සුනඛයන්ගේ කුස තුළ සිටින පැටවුන් මිය ගිය පසුව ගර්භාෂය කුණුවී එහි සැරව පිරෙන අතර,එම සැරව උදරය තුළ පැසවීමෙන් එම සතා මරණයට පත්වන බවයි පශු වෛද්‍යවරු තවදුරටත් කියා සිටියේ.