hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 මැයි 29, පෙ.ව. 4:52



වයස අවුරුදු 70ක පුද්ගලයෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ සිදුවීමක් නෙලුව ප්‍රදේශයේ වාර්තා වුණා.

කලුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මෙවර විභාගයට පෙනී සිට ඇත්තේ විද්‍යාව සහ ගණිතය විෂයන් වෙනුවෙන්.

විභාග සමත්වීමට ඇති ඕනෑකම නිසාම තමන් අසමත් වූ විෂයන් දෙකට පෙනී සිටි බවයි ඔහු කියා සිටියේ.

විවාහකයෙකු වන චන්ද්‍රදාස ගොඩගේ මහතා සාපෙළ විභාගයට පෙනි සිටිම පිළිබද මෙසේ ඒෂියන් මිරර් සමඟ අදහස් දක්වා සිටියා.

“මට දැන් වයස අවුරුදු 74ක් වෙනවා. 1970 වර්ෂයේ දි තමයි මුල්වරට අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටියේ. කලා අංශයන් තමයි විභාගයට පෙනි සිටියේ. අලපලාදෙණිය මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. එම විභාගයෙන් විෂයන් හතයි සම්මාන හතරක් ලබා ගත්තා. නමුත් ඒකාලයේ දේශපාලන බලපෑම් නිසා විභාගය සමත්වුවත් රැකියාවක් ලබාගන්න බැරිවුනා. මම විභාගවලට පෙනී සිටින්නේ ආත්ම තෘප්තියට. විනෝදයට. විභාගයක් තියෙනවානම් මට ඉල්ලුම් කරන්න හිතෙනවා. පොත්පත් කියවලා තමයි දැනුම ලබාගන්නේ. විද්‍යාව විෂය පිළිබද මට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය ගිය වසරට වඩා අමාරුයි. ඉගෙන ගැනිම විභාගයකට පෙනිසිටම කාලයකට සිමාකරන්න බැහැ. මිය යනතුරු ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනිමට දේවල් තියෙනවා දැන් විභාගවල විෂය නිර්දේශයන් වෙනස්වෙලා. නවිකරණය වෙලා. නවිකරණය වු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒ කාලයේ වගේ නෙමෙයි දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පාසල් දරු දැරියන්ට ඕන තරම් පහසුකම් තියෙනවා. අපිට ඒ කාලයේ කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. දැන් උපකාරක පංති තියෙනවා. මාධ්‍ය මගින් ඉගැන්වීම් කටයුතු කරනවා. පුවත්පත් මගින් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනයෙන් උපරිම ප්‍රථිපල ගන්න කියලා පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලා  සිටිනවා.”

තිබු තැනක සොරසතුරන් ගත නොහෙනා

එසනාමන වන් වතුරෙන්  වන නොහෙනා

කෝපවුවත් රජමැතිදුන් ගත නොහෙනා

උගතමනා ශිල්පය මයි මතුරැකෙනා

චන්ද්‍රදාස ගොඩගේ මහතා ඉගෙනිමේ ඇති වැදගත්කම ගැන කවිපදයකින් කරුණු ගෙන හැර දක්වමින් අපිට එලෙස සමු දුන්නා.

ගාල්ල – ලලිත් චාමින්ද