hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 31, ප.ව. 12:10



අනුරාධපුර කූම්බිච්චන්කුළම වැව අසලදී තරුණයකු හා තරුණියක අතර ඇති වූ පෙම් ආරවුලක් දුර දිග යෑමෙන් තරුණයා තියුණු ආයුධයකින් තරුණියට පහර දී ඇත.

තියුණු ආයුධයෙන් පහර කෑමට ලක් වූ තරුණියගේ ශරීරයේ බරපතල තුවාල සිදු වී ඇති අතර, ප්‍රදේශවාසීන් ඇය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ ⁣රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීම සිදු කළ තරුණයා එම ස්ථානයේ සිටි තරුණයින් විසින් අල්ලා අනුරාධපුර පොලීසියට භාර දීමට කටයුතු කර ඇත.

පහර කෑමට ලක් වූ තරුණිය හා තරුණයා එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනුරාධපුර පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: