hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 11, පෙ.ව. 12:01



මගුල් ගෙදර යන්න එපා, පාසල් යන්න යයි මවගේ කීමට උරණ වූ 13 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර නාන කාමරයේ යකඩ බටයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ වේයන්ගල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර ඇය අළුත්ගම, අටළුගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිට ආසන්න පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගොස් තිබෙනවා.

07 වනදා නිවාඩු දින හෙයින් නේවාසිකාගාරයේ සිට තම නිවසට පැමිණ තිබේ, නිවසට පැමිණි සිසුවිය එළඹෙන දිනක පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව තම මවට පවසා තිබෙනවා.

ඒ සඳහා තම දියණිය සහභාගී වීම අවශ්‍ය නොවන බවත් නේවාසිකාගාරයට ගොස් පාසල් යාමට සූදානම් වන ලෙසත් මව විසින් තම දියණියට අවවාද කර තිබෙනවා.

එයට උරණ වූ පාසල් සිසුවිය රාත්‍රි නාන කාමරයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් විසින් නාන කාමරයේ දොර කඩා බලද්දී සිසුවියගේ සිරුර එහි සවිමත් යකඩ බටයක එල්ලෙමින් තිබෙනු දැක පොලිසියට පවසා තිබෙනවා.

මේ පිළිබඳව අගලවත්ත පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු අගලවත්ත පොලිස් ස්ථානාධිපති තරිඳු හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පැමිණි පොලිස් කණ්ඩායමක් කළ පරීක්ෂණයකින් අනතුරුව මළ සිරුර වැඩි දුර පරික්ෂණ සඳහා කළුතර නාගොඩ මහ රෝහලට යොමු කළ බව පොලිසිය සඳහන් කළා.

අගලවත්ත පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: