hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, පෙ.ව. 4:55



ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසනවා.

ඉරාන රජය පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමකි. මෙම කුමන්ත්‍රණය ආරම්භ වී ඇත්තේ දකුණු ඉරානයේ ‘කොආම්’ Qom ශුද්ධ නගරයෙන්.

‘කොආම්’ නගරයේ බාලිකාවන් සිය ගණනකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැමුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙනවා.

විස ශරීරගත වුණු බාලිකාවන් ස්වසන ආබාධවලින් පෙළෙන බව ද පැවැසෙනවා.

බාලිකාවන් රෝගී වීම ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බරයේ සිටයි.

ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති යූනිස් පන්හායි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙය බරපතල තත්ත්වයක් බවයි.