hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 11, ප.ව. 10:47



ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව ක්‍රියාත්මක වන අරගලය අද 33 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණද අදත් බොහෝ පිරිසක් අරගල භූමියේ රැදී සිටිනු දක්නට ලැබුණා.

අරගල භූමියේදී පසුගියදා අනපේක්ෂිත සිදු වීමක් සිදු වුණා.

ඒ නොසිතූ නොහිතපු වෙලාවක ආණ්ඩුවට පක්ෂපාති පිරිසක් අරගල භූමියට පැමිණ සිදු කල විනාශයයි.

මේ අතරවාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වෙනවා.

ඒ ගෝල්ෆේස් අරගල භූමිය තුළ පසුගිය දින කිහිපයේ කැපී පෙණුනු “Motivation අප්පච්චි” නම් වූ පුද්ගලයාට අද දිනයේ දී අරගල භූමියේ දී එල්ල වූ විරෝධතාවයක් සම්බන්ධයෙන් වූ වීඩියෝවක්.

එහිදී විරෝධය දැක්වූ පිරිස Motivation අප්පච්චි නම් පුද්ගලයා, මුදල් වංචා කළ පුද්ගලයෙකු බවටයි චෝදනා කළේ.