hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 31, පෙ.ව. 12:02



එදා දවස, කාටවත් අමතක කරන්න බැරි තරම්.

මොකද ඒ අඳුරු මතකවල අදරත් ජීවත්වෙන මිනිස්සු අපේ සමාජයේ ඕනෑතම් ඉන්නවා.

තිළිණා.. වසර ගණනකට පසු අපෙන් සමුගත් ඇය නිසාත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මතක අපට අයේත් අලුත් වෙනවා.

“අම්මේ ඔයා ජීව­තුන් අතර සිටියා නම් අද මම ඔයා­ගෙන් ආශි­ර්වාද ලබා­ගෙන විභා­ග­යට යනවා නේදැයි“කිය­මින් කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලබා වසර පහක පමණ කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගිය 27 වැනිදා මිය ගිය තිළිණා හර්ෂ­ණීගේ (39) වැඩි­මල් දිය­ණිය ලයරා ඇන්තනි නිවසේ තබා තිබූ මවගේ දේහය ඉදි­රි­පිට කඳුළු පිරි දෙනෙ­තින් බලා සිට එසේ පව­ස­මින් පාසලේ වාර විභා­ග­යට ඊයේ(29)පිටත්ව ගියේ ගුරු­ව­රි­යක් සම­ඟිනි.

තිළිණා හර්ෂණී ඇගේ මවත් දරු­වන් තිදෙ­නාත් සමඟ 2019 අප්‍රේල් මස 21වැනි දින උදෑ­සන නිව­සින් පිටව යන්නේ කටු­ව­පි­ටිය සාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­නයේ දේව මෙහෙ­යට සහ­භා­ගී­වී­ම­ටයි… දේව මෙහෙය අව­සන් වෙමින් තිබුණා.

මාර­යාගේ බැල්ම කටු­ව­පි­ටිය ගම්මා­න­යම මළ ගෙයක් බවට පත් කරනු ඇතැයි ඔවුන් කිසි­වි­ට­කත් දැන සිටියේ නැහැ.

තිළිණා හර්ෂණී ඇගේ දරු පැට­වුන් තිදෙ­නාත් තැන තැන වැටී සිටි අයුරු තිළි­ණාගේ මව දුටු­වා.

මවට පළ­මුව කළ හැකි වූයේ කෑ මොර දීම පමණයි.

ඒ වන විටත් තිළි­ණාගේ දෙවැනි දරුවා මෙලොව හැර ගොස් හමාරයි.

කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලබා දීර්ඝ කාල­යක් රෝහ­ල්ග­තව සිට නිව­සට පැමිණි අව­සන් තැනැ­ත්තිය වන්නේද තිළිණායි.

ඒ වන විට පූර්ණ සුවය ලබා නැති තිළිණා නිවසේ විශේෂ කාම­ර­යක පැය 24 පුරා­වට සිටි හෙදි නිල­ධා­රි­ය­කගේ සහාය ඇතිව කල් ගත කළා.

මුළු කටු­ව­පි­ටිය ග්‍රාම­යට කළු වලා­වක් ඇති කර­මින් පසු­ගිය 27 වැනි දින තිළිණා හර්ෂණී නමැති තිදරු මව සඳ­හ­ටම දෙනෙත් පියා ගත්තාය. ඒ බෝම්බ ප්‍රහා­ර­යෙන් වසර පහ­කට පසු­වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: