hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු 31, පෙ.ව. 12:15



අපි හැමෝම දන්නවා පරණ වුණාම ටයර් කියන්නේ මදුරුවෝ බෝවෙන, විසි කරලා දාන දෙයක් කියලා. 

හැබැයි නුවරඑළියේ චමින්ද විජය කුමාර මහත්තයා මේ ටයර් එකකට දීලා තියෙන්නේ පුදුම පණක්.

නුවරඑළිය වන්දන ලාල් කරුණාරත්න මාවතේ ටයර් වැඩපොළක් කරගෙන යන චමින්ද මහත්තයා, ජීප් රථයකින් ගලවපු පරණ ටයර් එකක් අරගෙන ඒක මැදින් කපලා, වීදුරු දෙකක් හයි කරලා හරිම අපූරු මාළු ටැංකියක් හදලා තියෙනවා.

මේක නිකන්ම ටැංකියක් නෙවෙයි, වතුර ලීක් වෙන්නේ නැති වෙන්න, ඔක්සිජන් බට පවා හයි කරලා හරිම තාක්ෂණික විදිහටයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.

දැන් මේ ටයර් කඩේට පන්චර් එකක් දාගන්න එන අය, ටයර් මාරු කරන්න එන අය ඒ වැඩේ ඉවර වෙනකල් බලන් ඉන්නේ කම්මැලිකමෙන් නෙවෙයි. ඒ හැමෝම මේ ලස්සන මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්නේ හරිම පුදුමයෙන්.

චමින්ද මහත්තයා කියන විදිහට මේ ටැංකිය හදලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. “උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් විසි කරන ඕනෑම දෙයකින් ලස්සන දෙයක් කරන්න පුළුවන්” කියන එකට මෙයා හොඳම උදාහරණයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: