hit counter

2024 නොවැම්‍බර් මස 13 වන බදාදා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 10:33



ගම්පහ දඹේවිට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මත්පැන්හලක් බිඳ එය කොල්ලකෑමට වාහනයකින් පැමිණ පලා යමින් සිටි කොල්ලකරුවන් කණ්ඩායමකට පොලිසිය කළ වෙඩි තැබීමකදී එහි වෙඩි උණ්ඩයක් ඒ මොහොතේ කොළඹ – මහනුවර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රියකට වැදීමෙන් බස්රියේ ගමන් ගත් 29 හැවිරිදි කාන්තාවක අවාසනාවන්ත ලෙස ඊයේ (02) මිය ගියා.

පොලිස් වෙඩි පහර වැදුණු කොල්ලකරුවන් දෙදෙනකුද තුවාල සහිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගත්තා.

කොල්ලකරුවන් පැමිණි සුසුකි එව්රි රථය වත්තල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම කණ්ඩායම නමගිය කොල්ලකරුවන් බවයි.

පස්දෙනකුගෙන් පමණ සමන්විත මෙම කණ්ඩායමේ දෙදෙනකු මීට දින කිහිපයකට පෙර නවගමුව පොලිසියෙන්ද අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙන්තොට, කඹුරුගල, වන්නිගෙවත්ත අංක 29/ඒ දරණ නිවසේ පදිංචිව සිටි ඉරේෂා ශ්‍යාමලී නමැති විසිනව හැවිරිදි තරුණියක්.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවකගේ පූජාවකට සහභාගීවී බස් රථයක එමින් සිටියදී පොලිස් වෙඩි පහරට ලක්වී අවාසනාවන්ත ලෙස මෙම තරුණිය මියගොස් ඇත්තේ.

මියගිය තරුණිය, කැලණිය ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ අනුරාධපුරයට ගොස් දේව පූජාවට සහභාගිවී බස් රථයක නැගී ආපසු කොළඹ බලා එමින් සිටියදී මෙම ඉරණමට ගොදුවී තිබෙනවා.

දංඕවිට නගරයේ පිහිටි මැත්පන් අලෙවි සලක් මංකොල්ල කන බවට ඊයේ කිසියම් කාන්තාවක් විසින් දංඕවිට පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ මොහොතේම ක්‍රියාත්මක වූ පොලිසිය රාත්‍රී මුර සංචාරයේ නිතර පොලිස් නිලධාරීන් දෙදෙනකුට මේ පිළිබඳ දැනුම්දී තිබෙනවා.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා ටී 56 ගිනි අවියක්ද සමඟ දංඕවිට නගරයට එනවිටත් එම මත්පැන් හල කඩා ඒ තුළ තිබූ මුදල් අඩංගු සේප්පුව අපරාධකරුවන් විසින් එළියට ගෙන තිබී ඇත.

නිල ඇඳුමින් සැරසී සිටි පොලිසිය දුටු අපරාධකරුවන් දෙදෙනා සේප්පුව එම ස්ථානයේම අතහැර දමා ඔවුන් පැමිණි කුඩා වෑන් රථයට ගොඩවී පලා ගොස් තිබෙනවා.

ඒ මොහොතේ පොලිස් නිලධාරීන් දෙදෙනාද අපරාධයට පැමිණි වෑන් රථය පිටුපස ලුහුබැඳ යමින් ටී 56 ගිනි අවියෙන් වෙඩි තබා තිබෙනවා.

මෙහිදී වෑන් රථයේ සිටි කොල්ලකරුවන්ද පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර වෙඩි හුවමාරුවේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ එන්.සී. 0489 දරණ ලංගම බස් රථයක් දෙසට වෙඩි උණ්ඩයක් ඉගිලී ගොස්මෙහිදී වෑන් රථයේ සිටි කොල්ලකරුවන්ද පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර වෙඩි හුවමාරුවේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ එන්.සී. 0489 දරණ ලංගම බස් රථයක් දෙසට වෙඩි උණ්ඩයක් ඉගිලී ගොස් තිබෙනවා.

ඒ මොහෙතේ බස් රථයේ වාඩිවී කොළඹ බලා එමින් සිටි තරුණියගේ හිස පිටුපසට ඇතුල්වූ වෙඩි උණ්ඩය ඉදිරිපස මුහුණද පසාරු කරගෙන ගොස් ඇය එතැනම මියගොස් තිබේ. එම කලබගෑනියෙන් ප්‍රයෝජන ගත් කොල්ලකරුවන් වෑන් රථයේ නැගී පලාගොස් තිබෙනවා.

පසුව දංඕවිට පොලිසිය මෙම කොල්ලකරුවන් පිළිබඳ සෙසු පොලිසිවලටද දැනුම්දී ඇත්තේ වෙඩි හුවමාරුවෙන් අපරාධකරුවන්ට තුවාල සිදුවී තිබිය හැකි බවද කියමිනි. කොල්ලකරුවන් පැමිණි වෑන් රථය රාගම ප්‍රදේශයේ මහමග දමාගොස් තිබියදී පොලිසියට හමුවී ඇත.

මේ අතරතුර රාගම රෝහලට වෙඩි වැදුන දෙදෙනකු ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබන බවට රෝහල් පොලිසිය කළ දැනුම්දීමත් සමඟ ක්‍රියාත්මක වූ පොලිසිය එම තුවාලකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

තුවාල ලබා රෝහලේ සිටින සැකකරුවන් දෙදෙනා වත්තල, හුණුපිටිය සහ පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

නාඳුනන පිරිසක් තමන්ට වෙඩි තැබූ බවට සැකකරුවන් රෝහල් පොලිසියට කටඋත්තර දී තිබෙනවා.

මේ වනවිට එම සැකකරුවෝ දෙදෙනා පොලිස් ආරක්‍ෂාව මැද රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලිසිය විමර්ශන සිදුකරන අතර කොල්ලය සඳහා පැමිණ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනා ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ අපරාධකරුවන් බවට මූලික විමර්ශන වලදී හෙළිවී ඇත. මෙම කොල්ලය සඳහා පැමිණි පිරිස පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව දංඕවිට පොලිසිය සඳහන් කළේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. ගාමිණි ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: