hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 12:03



ජීවන් කුමාරතුංග කියන්නේ 80 90 දශකය තුළ සිනමාව හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවත් සොරා ගත්ත සුන්දර කලාකරුවෙක්.

මුල් කාලයේදී සිනමාවේ දඩබ්බර දුෂ්ට චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු ජය සිකුරුයි, ඔබට දිව්රා කියන්නම්, සුර දුතියෝ ආදී සිනමා නිර්මාණයක් රැසකටම රංගන දායකත්වය ලබා දුන්නා.

රංගන ශිල්පියෙක්ට අමතරව ඊළඟට ඔහු නිෂ්පාදන භූමිකාවටත් අවතීර්ණ වෙන්න අමතක කරේ නැහැ.

ඒ විදිහට ඔහු නිෂ්පාදකයෙක් බවට පත්වෙන්නේ තම කුළුදුල් නිර්මාණය වූ හිත හොද හොද චන්ඩියා චිත්‍රපටය තුළින්.

ඉතින් ඒ චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබපු චිත්‍රපටයක් බවට පත්වුණා. 

ඔහු දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා.

මිනිසුන්ට දේශපාලනය එපා වුණ වකවානුවක් තුළ ජීවන් කුමාරතුංග කියන චරිතයට නම් බොහෝ දෙනෙක්ගෙන් විරෝධතා එල්ල වුනේ නැහැ.

දේශපාලනය පිළිබඳව ඔහු සති අග පුවත්පතකට කිව්වේ මේ වගේ කිව්වේ මේ වගේ කතාවක්.

“මම හිතනවා දේශපාලනයට ආවා කියලා මගේ ප්‍රේක්ෂකයෝ මගෙන් ඈත් වුණේ නෑ. දේශපාලන වශයෙන් නැවතත් මඟින් රටට දෙයක් ඉටු විය යුතු කාලයක් තමයි මේ මිනිස්සු පීඩාවට ලක් වෙලා ඒවට විසඳුම් සොයන මහජන නියෝජිතයන් හිඟකමක් අද ඇතිවෙලා. මානව හිතවාදී ගුණය අද මහජන නියෝජිතයන්ගෙන් පිරිහිලා. මම රට වටේ යනකොට වුණත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වුණත් අද කියා සිටින්නේ නැවත දේශපාලනය තවදුරටත් නියැලෙන්න කියලයි”