hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 ජූනි 14, පෙ.ව. 12:03



කන්තලේ වාන් ඇළ ඩෝසර් පාරේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති කොහොඹ ගසකින් පසුගිය 9 වැනිදා සිට කිරි වැනි දියර වර්ගයක් ගලා ඒමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා.

එම සිදුවීම නැරඹීම සඳහාත් බොහෝ පිරිස් පැමිණෙමින් සිටිනවා.

අජිත් ප්‍රේමසිරි නමින් හඳුන්වන පුද්ගලයාගේ ඉඩමේ ඇති කොහොඹ ගසකින් පැමිණෙන මෙම දියරය යම් පැණි රසයකින් යුක්ත වනවා.

එහි පැමිණෙන සියල්ලන්ම පාහේ “හරිම රසයි” යනුවෙන් පවසා එය පානය කරන බවත් වාර්තා වනවා.

නව නිවසක් ඉදිකිරීමට අත්තිවාරම කැපීම ආරම්භ කළ දිනයේ එම පුද්ගලයා විසින් ඉඩම අවට ඇති අතු රිකිලි කපා හෙළි පෙහෙළි කරන අවස්ථාවේ මෙම ගසෙන් සුදු පාට දියරයක් ගලා එනු දැක ඇති බවත් ,මී පැණි වැනි සුවඳක් වහනය වන බැවින් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කටේ ගෑවිට මිහිරි රසයක් දැනුණ බවත් ඒ මහතා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: