hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 09, ප.ව. 3:35



බන්ධනාගාරගත කෙරුණු මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත්  “කුකුළ් චමින්ද” නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීනගේ ආරක්ෂාව යටතේ නේවාසිකව රඳවා සිටි අතර, ඔහු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය අංශය පෙන්වා දුන්නේ මෙම සැකකරුට බන්ධනාගාරය තුළදී නේවාසිකයින් පිරිසක් පහර දුන් බවට වාර්තා පළවී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වාර්ථාවක් කැඳවු අතර, බන්ධනාගාරය තුළදී සැකකරුට නේවාසිකියින් විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව වාර්ථා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායාක සදහන් කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයනේ ජේලර්වරයෙකු මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර පහරදීමට ලක් වූ දරුවාගේ වීඩියෝ සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ළමා ආරක්ෂණ සන්ධානය විසින්.

ධනපාල මහතා ඇතුලු සෙසු නිලධාරින් 2022/02/14 දින පොලිස්පතිවරයා විසින් නිකුත් කළ ‘අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු සාමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමට’ අදාළ RTM 382, CRTM 231 නියෝග උල්ලංගනය කර ඇති බව එහි සඳහන්.

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාව වීඩියෝ කර ජ්‍යෙෂ්ඨ පොලිස්පති, ටී.සී.ඒ ධනපාල සිය පෞද්ගලික Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය කර ඇති බව සදහන්

එමෙන්ම දරුවා‌ගේ මුහුණ නිරාවණය කරමින් දරුවා වඩාගෙන සිටින නිලධාරියා සහ රූගත කරන නිලධාරියා ‘දරුවාගේ යහපත උදෙසා’ ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්මය උල්ලංගනය කර ඇති බවයි, ළමා ආරක්ෂණ සන්ධානය පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: