hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 8:04



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මාධවී සිය ෆේස්බුක් ගිණුමට අපූරු සේයා රූ කිහිපයක් එකතු කර තිබුණා.

ඇස් ඇද ගන්නා රතු පැහැයකින් යුක්ත සාරියකින් සැරසුණු ඇය, සේයා රූ එකතුවත් එක්කම අතීත මතක ආවර්ජනය කරමින් සටහනක් තියන්නත් අමතක කර තිබුණේ නෑ.

”මේ සාරියට වයස අවුරුදු 15ක් විතර ඇති.

අප්පච්චි රට ගිහින් එනකොට ගේන තෑගි මොනවද බලන්න අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්.

හැබැයි එයා හැමදාම බෑග් මලු පිරෙන්න හැමෝටම තෑගි ගෙනාවට එයාට කිසි දෙයක් ගන්නෙ නෑ.

ගෙනියන ඇඳුම් පවා එහෙ දාලා අපිට තෑගි ගේනවා.

චෙන්නයිවල චිත්‍රපට ශබ්ද සහ වර්ණ සංකලන වැඩ වලට ගියාම, අප්පච්චි දවසක් දෙකක් වෙන් කරගෙන සාරි වීථි වල ගාට ගාට අම්මටයි මටයි සාරි තෝරන් එන්නෙ බොහොම ආසාවෙන්. මේ සාරියත් ඒ විදිහට අප්පච්චි ඉන්දියාවෙන් ගෙනාපු එකක්.

මං ඔෆිස් යනකොට හුඟක් පාරක් ඇන්දත් අදටත් මම අඳින්න ආසම සාරියක්.

ඊයෙ ආයෙත් ඇන්දා

මොකද ඒක අප්පච්චි සුවඳයි ”

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: