hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 31, පෙ.ව. 12:04



 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

තරගය අරම්භ කිරීමට පෙර ලෝර්ඩ්ස් පිටියේ සීනුව නාද කිරීමට  ආරාධනා ලැබ තිබුණේ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධනයි.

තරගය ආරම්භයට පෙර විනාඩි 5ක කාලයක් සීනුව නාද කරනු ලබන අතර එය 2007 වසරේ සිට ආරම්භ වූ සම්ප්‍රදායක් ලෙසයි හැඳින්වෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක ස්ථානය ලෙස හැඳින්වෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ සීනුව නාද කිරීම සඳහා ආරාධනා ලැබෙන්නේ ක්‍රීඩාව වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ අයකු , නැතිනම් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු හෝ සුප්‍රසිද්ධ පරිපාලකයකු වැනි ගෞරවනීය පුද්ගලයින්ටයි.

2007 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරයේදී සීනුව නාද කිරීම සඳහා ආරාධනය ලබා තිබුණේ ක්‍රිකට් ලොව කීර්තිමත් පිතිකරුවකු වුණ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ බීබීසී ටෙස්ට් තරගයේ හිටපු නිෂ්පාදක පීටර් බැක්ස්ටර් හටයි.

ජැමෙයිකානු ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර යොහාන් බ්ලේක් සහ ගෞරවනීය කතුවරයා සහ විකාශකයෙකු වන ස්ටීවන් ෆ්‍රයි ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිටත පුද්ගලයින් හටත් මෙම අවස්ථාව හිමිව තිබුණා.

මෙම අවස්ථාව  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 දෙනෙකුට හිමිව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: