hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 08, ප.ව. 3:14



මේ දවස්වල ජනපතිට , අගමැතිට විතර නෙවෙයි පාර්ලිමේන්තුවේ සිටින 225ට ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

ඒකට පක්ෂ විපක්ෂ අදාළත්වයක් නැහැ.

මෙවැනි පසුබිමක ඊයේ දහවල් කාලයේ දී පොහොට්ටුවේ ප්‍රාදේශීය සහ නාගරීක මන්ත්‍රීවරු පිරිසක් පැමිණ අගමැතිවරයා සමග දීර්ඝ කතාබහක නිරතව තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දැඩිව කියා සිටියේ කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙසයි.

ඊයේ දින ජනාධිපතිවරයා අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දී තිබූ අතර අද දිනයේ අගමැතිවරයා විපක්ෂනායකවරයාට අගමැති ධූරය බාරගන්නා ලෙස ආරාධනාවක්ද කර තිබෙනවා.

මේ අතර හෙට (09) දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9 ට රැස් වන්නැයි ඔවුන් දන්වා තිබෙනවා.