2025 මැයි 01, පෙ.ව. 10:20
ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු හදිසියේ අභාවප්‍රාප්තවී තිබෙනවා.
පූගොඩ මීවිටිගල කණිෂ්ඨ පාසලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මෙම ක්‍රීඩකයා රදාවාන ගෝල්ඩන් බර්ඩස් ක්‍රීඩා සාමාජය සහ සියනෑ තරු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ වුණා.
ඉන්පසු වෘත්තීය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය සහ ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන ලදි.
2018 වර්ෂයේ සිට ජාතික කණ්ඩාමේ කෙටි පන්දු ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කල මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් සිදුකල ක්‍රීඩකයයෙක්.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ද මේ ක්‍රීඩකයාගේ අභාවය වෙනුවෙන් සාතිශය සංවේගය පළ කරන අතර, ඔහු ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා දුන් දායකත්වය පිළිබඳ ප්‍රණාමය පුද කර සිටිනවා.
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05