hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 4:22



මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් තම ස්වාමියාගේ නිසල දේහය මත නැඟ ඔහුට වැඳ වැඳ හඬා වැලපෙමින් කන්ත දක්වා ගොස් අවසන් ගෞරවය දැක්වීමේ පුවතක් වාර්තා වෙනවා.

අවසන් කටයුතුවල සහභාගි වූ සියලු දෙනාගෙම නෙත කඳුලු එක්කරමින් විමතියට පත් කර තිබෙනවා.

තාලංගුඩාහි පදිංච් පීතාම්බරම් රාජාන් 52 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු වනයේ නිතර ගැවසෙන වඳුරෙකුට බිස්කට් හා ආහාර ලබා දී තිබෙනවා.

සෑම දිනකම එම වඳුරා තම නිවසට පැමිණෙන විට  බිස්කට ආහාර ලබා දෙන අතර එම නිවෙස් හිමියාගේ ආබාධිත දරුවාව වඳුරා සිත් පිනවා තිබෙනවා.

මෙසේ තිබියදී එම නිවසේ හිමිකරු පසුගිය සඳුදා රාත්‍රියේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්තවී සිටියදි නිවස පැම්ණි වඳුරා අවසන් කටයුතු කිරීමට සුදානම් වු තම ස්වාමියාව දැක තිබෙනවා.

නිසල දේහය අසලට ගොස් ස්වාමියාව  හුස්ම ගන්නා දැයි බෙල්ලෙන් කමිසයෙන් අල්ලා පරීක්ෂා කාර බොහෝ උත්සාහය දරා තිබෙනවා.

තම ස්වාමියා මිණි පෙට්ටියෙන් නොගැටීම නිසා වඳුරාද කඳුලු සලමින් ඔහුගේ කකුල ස්පර්ෂකර වැඳ වැටුණා.

අවමංගල උත්සවයට පැම්ණි සිටි ඥාතින් වඳුරාගේ ක්‍රියාවෙන් විමතියට පත්වු අතර සියල්ලන්ගේ නෙතට කඳුලු එක්කෙරුණා.

ඒ සමගම වඳුරා දේහය ආදාහනය කල සුසාන භුමිය දක්වා ගොස් තම ස්වාමියාට ගෞරව දක්වා තිබෙනවා.